2023 ජූනි 14, පෙ.ව. 10:57
ඩොලරයේ අඩුවීමට සාපේක්‍ෂව පොහොර මිල කිසිසේත්ම අඩුවී නොමැති බවත් ඇතැම් වෙළෙඳසල්වල පොහොර මිටිය රුපියල් 12,000 ඉක්මවා තවමත් අලෙවි කරන බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනය අනාවරණය කළා.
ආණ්ඩුව විසින් පොහොරවලට අදාළව ලබාදෙන වවුචරයෙන් 65%ක් බෙදා නිමකර ඇති නමුත් මේ වන විට එය 100%ක් බෙදා අවසන් කළ යුතුව තිබිය යුතු බව එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ප්‍රකාශ කළා.
විශේෂයෙන්ම යල කන්නය දැනට ගතවෙමින් තිබෙන අතර ඇතැම් ස්ථානවල ගොයම් කැපීමට ආසන්න වී ඇති නමුත් ආණ්ඩුව තවම පොහොර වවුචර් බෙදමින් සිටින බවත් ගොවියා දැඩි පීඩනයකට පත්ව ඇති බවත් ඔහු සඳහන් කර සිටියා.
එමෙන්ම පොහොරවලට තවමත් ස්ථාවර මිලක් නොමැති අතර වෙළෙඳසල් දහයකට ගොස් පොහොර මිලදී ගතහොත් එය මිල දහයක් වන බවත් ඩොලරය මේ වන විට ඉතා පහළ මට්ටමකට පත්ව ඇති බැවින් ඊට අනුකූලව පොහොර මිල අඩුවක් නොමැති බවත් ඔහු පැවැසුවා.
ඒ අනුව ආණ්ඩුව අක්කරයකට ගොවියාට වවුචරය මඟින් ලබාදෙන්නේ රුපියල් අටදහසක් වුවත් පොහොර මිටියක් රුපියල් 12,000කට විකිණීම විශාල ඛේදවාචකයක් බව හෙතෙම සඳහන් කළා.
අක්කර ප්‍රමාණය එමෙන්ම වල්නාශක හා කෘමිනාශකවලටද කිසිදු මිල නියාමනයක් නොමැති බැවින් එයද විවිධ කළුකඩකාරයන් හරහා අයුතු ලෙස ලාබ ලබන බවත් මේ වන විට නිෂ්පාදන වියදමද ඉතා අධික බැවින් ගොයම් කැපීමට පටන් ගන්නා කාලය ළංව ඇති නමුත් පැරැණි වී ගොවියා විකුණන්නේ රුපියල් හැත්තෑ ගණන්වලට බව ඔහු පෙන්වා දුන්නා.
ඒ අනුව දැනට පැරැණි වී එම මිලට විකුණනවා නම් ඉදිරියේදී වී මිල කෙතරම් පහළ වැටෙනු ඇතැයි ගොවියා දැඩි මානසික පීඩනයකින් පසුවන බවද හෙතෙම වැඩිදුරටත් පැවැසුවා.
2025 මැයි 30, ප.ව. 2:13
2025 මැයි 30, ප.ව. 2:10
2025 මැයි 29, ප.ව. 1:59
2025 මැයි 29, ප.ව. 1:56
2025 මැයි 28, ප.ව. 1:05