hit counter

2026 මාර්තු මස 16 වන සඳුදා

2025 ඔක්‍තෝබර් 18, ප.ව. 1:58



මෙරට රත්‍රං මිල ඊයේ (17) දිනට සාපේක්ෂව රුපියල් 20,000කින් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කර ඇත.

ඒ අනුව අද (18) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 360,800ක් දක්වා පහළ ගොස් ඇත.

ඊයේ දිනයේ දී එය දැක්වුණේ රු. 379,200ක් ලෙසය. මේ අතර ඊයේ (17) දිනයේ දී රු. 410,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 390,000ක් දක්වා ඉහළ ගොස් ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. 





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: