hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2023 මැයි 13, ප.ව. 9:29



මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව රන් වෙළෙඳපොල තොරතුරු හෙළි කර තිබෙනවා.

ඒ අනුව අද (13) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොලේ “කැරට් 22” රන් පවුමක මිල රුපියල් 158,600 ක් දක්වා පහළ ගොස් ඇති අතර රුපියල් 161,600ක් ලෙසයි ඊයේ (12) එය දැක්වුණේ.

එමෙන්ම සිකුරාදා රුපියල් 174,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 171,500 ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොල ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.