hit counter

2026 ජනවාරි මස 29 වන බ්‍රහස්පතින්දා

2026 ජනවාරි 29, පෙ.ව. 7:59



ලෝක වෙළෙඳපොළේ රන් මිල අද (29) දින වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

ඒ අනුව රන් අවුන්සයක මිල ඉතිහාසයේ ප්‍රථම වරට අමෙරිකානු ඩොලර් 5,500 සීමාව ඉක්මවා ගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

එසේම රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 5,579 දක්වා ඉහළ ගොස් ඇත.

මෙය මෙතෙක් වාර්තා වූ ඉහළම මිල වශයෙන් සඳහන් වේ.

කෙසේ වුවද ඇතැම් අවස්ථාවලදී එය ඩොලර් 5,600 දක්වාද ඉහළ ගිය බවයි මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ.