hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 මැයි 31, ප.ව. 2:16



මෙරට රත්‍රං මිල ගණන් පහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත පෙන්නුම් කරනවා.

ඒ අනුව අද (31) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රු. 149,000 ක් දක්වා පහළ ගොස් තිබෙනවා.

පසුගිය සතියේ බදාදා දිනයේ දී එය දැක්වුණේ රු. 154,500ක් ලෙසයි.

මේ අතර සිකුරාදා රු. 167,000ක් ලෙස පැවති “කැරට් 24” රන් පවුමක මිල අද වනවිට රු. 161,000 ක් දක්වා පහත වැටී ඇති බව කොළඹ හෙට්ටිවීදිය රත්‍රං වෙළෙඳපොළ ආරංචි මාර්ග සඳහන් කරන්නේ.