hit counter

2024 දෙසැම්‍බර් මස 27 වන සිකුරාදා

2023 මාර්තු 26, පෙ.ව. 8:47



පෞද්ගලිකරණය කළ යුතු රාජ්‍ය ව්‍යවසාය120ක් පමණ මේ වනවිට හඳුනාගෙන ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ආරංචි මාර්ග පවසනවා.

එම සියලු ආයතන හඳුනාගෙන මේ වන විට ලැයිස්තු ගත කරමින් ඇති අතර, අදියර කිහිපයක් යටතේ ඒවා පෞද්ගලීකරණය කිරීමට සැලසුම් කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

එම රාජ්‍ය ව්‍යවසාය අතර, ලාභ ලබන මෙන්ම, ලාභ නොලබන ආයතන ද තිබෙනවා. රාජ්‍ය ව්‍යවසායවල රජය සතු කොටස් පෞද්ගලික අංශයට දී, ඒවායේ ඵලදායිතාව වැඩිකර ගැනීමත්, රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමත්, මෙහි අරමුණයි.

පළමු අදියර යටතේ ,ශ්‍රී ලංකන් ගුවන් සමාගම, ශ්‍රී ලංකන් කේටරින් සමාගම, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, කොළඹ ග්‍රෑන්ඩ් හයාට් හෝටලය, හිල්ටන් හෝටලය, ලිට්ට්‍රෝ ලංකා සමාගම සහ ලංකා හොස්පිටල්ස් යන සමාගම්වල රජය සතු කොටස් පෞද්ගලික අංශයට පැවරීමට තීරණය කර ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය සහ ලංකා හොස්පිටල්ස් සමාගමේ කොටස් පෞද්ගලික අංශය ට පැවරීමට පසුගිය සතියේ කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වුණා.