2023 දෙසැම්‍බර් 18, ප.ව. 4:38
අනුරාධපුර, පුලියන්කුලම ප්‍රදේශයේ මිරිස් ගොවියකු අක්කර භාගයක මිරිස් වගාවකින් ඊයේ (17) වන විට රුපියල් මිලියන 10ක වාර්තාගත ආදායමක් උපයා තිබෙනවා.
බන්දුල නම් ඔහු මෙතෙක් අක්කර භාගයකින් ලබාගත් වැඩිම අස්වැන්න සහ මිරිස් ආදායම වාර්තා කර ඇති බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය පවසයි.
කෘෂිකාර්මික අංශය නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඔහු විසින් මිරිස් වගාවේ නව තාක්ෂණය යොදා ගනිමින් පුලියන්කුලම ප්‍රදේශයේ අක්කර භාගයක මිරිස් වගාව ආරම්භ කර ඇති බව අමාත්‍යංශය පවසයි.
විශේෂයෙන්ම මෙරට වැඩිම අස්වැන්නක් ලබාදෙන දේශීය මිරිස් ප්‍රභේද වන MICH 1 සහ 2 මේ වගාව සඳහා ඔහු තෝරාගෙන තිබෙනවා.
මෙම මිරිස් වගාව ආරම්භ කර මාස නවයක් ඇතුළත ඔහු රු. මිලියන 10ක් උපයා ඇති අතර, ඒ බව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර වෙත ඊයේ දැනුම් දෙන ලදී.
කෘෂිකාර්මික අංශය නවීකරණ ව්‍යාපෘතිය මගින් මිරිස් වගාව සඳහා අධි ඝනත්ව වගා ක්‍රමයක් සහ නව කෘෂිකාර්මික තාක්ෂණය හඳුන්වා දී ඇත.
සාම්ප්‍රදායික මිරිස් වගා ක්‍රමයට අනුව අක්කර භාගයක මිරිස් පැළ 6000ක් පමණක් සිටුවිය හැකි නමුත් අධි ඝනත්ව වගා ක්‍රමය යටතේ පැළ 13000ක් සිටුවිය හැක.
ඒ අනුව, අස්වැන්න කිහිප ගුණයකින් වැඩිවීම සිදු වෙනවා.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26