hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 15, ප.ව. 3:06



සිය ව්‍යාපාරික මෙහෙයුම් වඩාත් කාර්යක්ෂම කරමින් සියලු පාර්ශවකරුවන්ට ඉහළම වටිනාකමක් ලබාදීමේ අරමුණ පෙරදැරිව HNB General Insurance (HNBGI) සමාගම පසුගියදා සිය මෙහෙයුම් ඩිජිටල්කරණය කිරීම හා සම්බන්ධ ඉතා වැදගත් පියවරකට මුල පිරීය. ඒ අනුව ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමිතීන්ට අනුකූල ඩිජිටල්ගත මූලික රක්ෂණ පද්ධතියක් ස්ථාපනය කිරීමට HNB General Insurance (HNBGI) සමාගම කටයුතු ආරම්භ කළ අතර ප්‍රකට මෘදුකාංග සමාගමක් වන Azentio Software සමාගම සමඟ සහයෝගීතාවයෙන් දියත් කෙරෙන මෙම ව්‍යාපෘතිය ෆීනික්ස් ව්‍යාපෘතිය (Project Phoenix) ලෙසින් නම් කෙරී ඇත.

ෆීනික්ස් ව්‍යාපෘතිය HNB General Insurance (HNBGI) සමාගම සිය කාර්යක්ෂමතාවය, නිරවද්‍යතාවය ඇතු`ඵව සමස්ත මෙහෙයුම් ඵලදායීතාවය වර්ධනය කිරීම සඳහා දක්වන කැපවීමට මනා උදාහරණයක් බව ප්‍රකාශ කළ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී සිතුමිණ ජයසුන්දර මහතා මෙසේ පැවසීය. “HNB General Insurance (HNBGI) සමාගමේ දැක්ම වන්නේ සිය`ඵ පාර්ශවකරුවන් වෙනුවෙන් තිරසාර වටිනාකම් නිර්මාණය කිරීමයි. මූලික රක්ෂණ පද්ධතිය වැඩිදියුණු කිරීමේ ප්‍රථිඵලයක් වශයෙන් මෙහෙයුම්වල නිරවද්‍යතාවය සහ කාර්යක්ෂමතාවය වර්ධනය වන නිසා ශීඝ්‍රයෙන් වෙනස්වෙන රක්ෂණ වෙළඳපොළ තුළ තරඟකාරීත්වය සාර්ථකත්ව පවත්වා ගැනීමට අපට හැකි වෙනවා. ෆීනික්ස් ව්‍යාපෘතිය සමාගමේ දැක්ම යථාර්ථයක් කිරීමට අප දරන උත්සාහයට හොඳ උදාහරණයක් වන්නේ ඒ නිසයි.”

Azentio Software සමාගම සිංගප්පූරුවේ ස්ථාපිත බැංකුකරණ, මූල්‍ය සේවා සහ රක්ෂණ සේවා ක්ෂේත්‍රයන්ට මෘදුකාංග සේවා සපයන ජාත්‍යන්තර කීර්තිමත් සමාගමකි. එම සමාගම වසර 25 කට අධික කාලයක් පුරා ලොව රටවල් 65 කට අධික සංඛ්‍යාවකට අයත් බැංකු, මූල්‍ය හා රක්ෂණ සමාගම් 1000 කට අධික ප්‍රමාණයකට සේවා සපයමින් දැවැන්ත විශේෂඥතාවයක් අත්පත් කරගෙන ඇති අතර ආසියා පැසිෆික්, අප්‍රිකානු සහ මැද පෙරදිග කලාපයේ රටවල රක්ෂණ සමාගම් 130 කට අධික ප්‍රමාණයකට සිය සේවා සැපයීම විශේෂත්වයකි. Azentio ONEInsurance රක්ෂණ පද්ධතිය හරහා රක්ෂණ සමාගම්වලට සුවිශේෂී නව රක්ෂණ නිෂ්පාදනයන් ඉක්මනින් දියත් කිරීමට සහ අලෙවි කිරීමටත්, සිය ගනුදෙනුකරුවන් සමඟ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වීමටත් අවස්ථාව හිමිවන අතර සිය මෙහෙයුම් නීති රෙගුලාසිවලට අනුකූල වෙමින් කාර්යක්ෂමව සහ ආරක්ෂිතව සිදු කිරීමට හැකියාව ලැබේ.

Azentio Software සමාගමේ බැංකු, මූල්‍ය සේවා සහ රක්ෂණ අංශයේ උප සභාපති ජතින්දර් බේඩි මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ කීර්තිමත් රක්ෂණ සමාගමක් වන HNB General Insurance (HNBGI) රක්ෂණ සමාගමේ ඩිජිටල් පරිවර්තනය සඳහා තාක්ෂණික සහකරු වශයෙන් කටයුතු කිරීමට ලැබීම අපට විශාල සතුටක්. ලෝකය පුරා රක්ෂණ සමාගම් ගණනාවකට ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල ඩිජිටල් රක්ෂණ විසඳුම් ලබා දීම සම්බන්ධයෙන් අපට ඇති අත්දැකීම් සමඟ HNB General Insurance (HNBGI) සමාගමට ඉහළම සේවයක් ලබා දෙමින් ඔවුන්ගේ ඩිජිටල් පරිවර්තනය සාර්ථක කිරීම අපේ අපේක්ෂාවයි.”

HNB General Insurance (HNBGI) සමාගම විසින් දියත් කරන ලද ෆීනික්ස් ව්‍යාපෘතිය හුදු තාක්ෂණික පරිවර්තනයකින් ඔබ්බට ගොස් වේගයෙන් වෙනස් වෙන රක්ෂණ ක්ෂේත්‍රය තුළ සිය විශිෂ්ටත්වය පවත්වාගෙන යාම සඳහා ගත් උපායමාර්ගික පියවරක් වශයෙන් හැඳින්වීම නිවැරදිය. රක්ෂණ සේවා සැපයුම්කරුවෙක් වශයෙන් සිය ඩිජිටල් පරිවර්තනය හරහා විශ්වාසනීය උසස් සේවාවක් සපයමින් ක්ෂේත්‍රය තුළ සිය තරඟකාරීත්වය තහවුරු කරගැනීම ෆීනික්ස් ව්‍යාපෘතිය හරහා HNB General Insurance (HNBGI) සමාගම විසින් සපුරාලන අභිප්‍රායයි.

HNB General Insurance (HNBGI) සමාගම තනි පුද්ගලයින් සහ සමාගම් සඳහා පු`ඵල් පරාසයක මෝටර් රථ සහ මෝටර් රථ නොවන රක්ෂණ සේවාවන් සහ ටකාෆුල් සේවාවන් සපයන ශ්‍රී ලංකාවේ ඉදිරි පෙළ රක්ෂණ සමාගමකි. HNB සමූහයේ සාමාජිකයෙක් සහ HNB Assurance සමාගමේ අනුබද්ධිත සමාගමක් වන HNB General Insurance (HNBGI) සමාගම දිවයින පුරා විසිරුණු ශාඛා ජාලයක් හරහා විශාල පාරිභෝගිකයින් සංඛ්‍යාවකට සිය සේවය සපයයි. ෆිච් ලංකා රේටින්ග් සමාගම විසින් රක්ෂක මූල්‍ය ශක්තිය සඳහා ලබා දෙන ‘A- (lka)’ ශ්‍රේණිගත කිරීමක් හිමි HNB General Insurance (HNBGI) සමාගම නව්‍යකරණය සහ උසස් සේවය තුළින් සිය පාර්ශවකරුවන් හට උපරිම වටිනාකම ලබා දීමට කැප වී සිටින සමාගමකි.