hit counter

2024 ජූලි මස 01 වන සඳුදා

2024 ජූනි 28, පෙ.ව. 11:58



මෙරට රක්‍ෂණ ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන HNB General Insurance (HNBGI) සිය පාරිභෝගිකයන්ට සුවිශේෂී ප්‍රතිලාභ රැසක් අත් කර දෙමින් HNBGI Loyalty Rewards ප්‍රවර්ධන වැඩසටහන පසුගියදා දියත් කරන ලදි. Loyalty Rewards ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක කිරීම සඳහා HNBGI සමාගම විවිධ අංශ යටතේ හවුල්කරුවන් රැසක් සමඟ සහයෝගීතාවයන්ට පිවිස ඇති අතර මේ හරහා සුවිශේෂී ඉතුරුම් අවස්ථා, දීමනා සහ ප්‍රතිලාභ රැසක් පාරිභෝගිකයන්ට ලබා දීමට බලාපොරොත්තු වේ.

2024 ජුනි 17 වැනි දින ආරම්භ වූ HNBGI Loyalty Rewards වැඩසටහන ඔස්සේ HNB General Insurance පාරිභෝගිකයන්ට අපගේ පාර්ශ්වකරුවන්ගෙන් ලබා ගන්නා සේවාවන් සඳහා 50%ක් දක්වා අති විශාල වට්ටම් ලබා ගැනීමට හැකියාව ලැබේ. රථ වාහන හිමියන්ට මෙහිදී සැළකිය යුතු ප්‍රතිලාභ රැසක් හිමි වන අතර බැටරි මාරු කිරීම, ටයර් මාරු කිරීම, වාහන සර්විස් කර ගැනීම සහ අලුත්වැඩියාවන් කරගැනීම ඇතුලු අවශ්‍යතාවයන් රැසක් සපුරා ගැනීම වෙනුවෙන් ඇදහිය නොහැකි වට්ටම් ඔවුන්ට හිමි වනු ඇත.

මෝටර් රථ ආශ්‍රිත සේවාවන්වලට අමතරව සුඛෝපභෝගී හෝටල් පහසුකම්, සංචාරක අත්දැකීම්, ජංගම දුරකතන උපාංග, ඇස් කණ්නාඩි ආශ්‍රිත සේවාවන් වැනි තවත් අවශ්‍යතාවයන් රැසක් සපුරා ගැනීමේදී ද සුවිශේෂී වට්ටම් ලබා ගැනීමට HNB General Insurance රක්ෂණ හිමියන් හට අවස්ථාව උදා වේ.

“අපේ පාරිභෝගිකයන්ට වඩාත් සමීප වෙලා, ඔවුන්ට ඉහළම සේවාවක් ලබා දෙන්න අපි නිරන්තරයෙන්ම උත්සහ කරනවා. ඒ වෙනුවෙන් අපි දක්වන උනන්දුවට සහ කැපවීමට මේ Loyalty Rewards වැඩසටහන හොඳම උදාහරණයක්. අපේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳව සැළකිලිමත් වෙමින්, ඒ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන අපි අපේ පාර්ශ්වකරුවන් එක්ක එකතු වෙලා පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා උපරිමයෙන් තෘප්ත කරන්න මේ වැඩසටහන ඔස්සේ සැලසුම් කරලා තියෙනවා.” යැයි HNB General Insurance ප්‍රධාන විධායක නිලධාරී සිතුමිණ ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.

“අපි අපේ පාරිභෝගිකයන්ට ලබා දෙන සුවිශේෂී ප්‍රතිලාභ තව තවත් වැඩිදියුණු කිරීම තමයි මේ Loyalty Rewards වැඩසටහනේ අරමුණ වෙලා තියෙන්නෙ. ඒ වෙනුවෙන් අපේ හොඳම පාර්ශ්වකරුවන්ගේ සේවාවන්  අත්විඳින්න වගේම ඒ සේවාවන් අත්විඳීමේදී ඉහළම වට්ටම් ලබා ගන්නත් අවස්ථාව උදා කරලා දීලා තියෙනවා. පාර්භෝගිකයන්ගේ වත්මන් අවශ්‍යතා සපුරාලන්න වගේම ඔවුන්ගේ අනාගත අවශ්‍යතා සපුරා ගැනීමට අවශ්‍ය දායකත්වය දෙන්නත් අපිට මේ ඔස්සේ හැකියාව ලැබෙනවා. විශේෂයෙන්ම පාරිභෝගිකයාට ඉහළ වටිනාකමක් සහ ගුණාත්මක සේවාවක් ලබා දෙන්න අපි දක්වන කැපවීම මේ වැඩසටහන ඔස්සේ නැවත නැවතත් පිළිඹිබු වෙනවා.” යැයි HNBGI Loyalty Rewards වැඩසටහන ගැන අදහස් දක්වමින් HNB General Insurance සමාගමේ ප්‍රධාන පරිවර්තන නිලධාරී දිල්ශාන් පෙරේරා මහතා පැවසීය.

HNB General Insurance විසින් ආරම්භ කර ඇති HNBGI Loyalty Rewards වැඩසටහන නව පාරිභෝගිකයන් සඳහා ද විවෘත කර ඇති අතර ඔවුන්ට ද මෙමගින් ලබා දෙන සුවිශේෂී ප්‍රතිලාභ අත්විඳීමේ පූර්ණ හැකියාව ඇත. HNB General Insurance ක්‍ෂණික ඇමතුම් අංකය වන 1303 ඇමතීමෙන් හෝ www.hnbgeneral.com වෙබ් අඩවියට පිවිසීමෙන් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.

HNB General Insurance පිළිබඳව

HNB General Insurance සමාගම තනි පුද්ගලයින් සහ සමාගම් සඳහා පුළුල් පරාසයක මෝටර් රථ සහ මෝටර් රථ නොවන රක්ෂණ සේවාවන් සහ ටකාෆුල් සේවාවන් සපයන ශ්‍රී ලංකාවේ ඉදිරි පෙළ රක්ෂණ සමාගමකි. HNB සමූහයේ සාමාජිකයෙක් සහ HNB Assurance PLC සමාගමේ අනුබද්ධිත සමාගමක් වන HNB General Insurance සමාගම දිවයින පුරා විසිරුණු ශාඛා ජාලයක් හරහා විශාල පාරිභෝගිකයින් සංඛ්‍යාවකට සිය සේවය සපයයි. ෆිච් ලංකා රේටින්ග් සමාගම විසින් රක්ෂක මූල්‍ය ශක්තිය සඳහා ලබා දෙන ‘A- (lka)’ ශ්‍රේණිගත කිරීමක් හිමි HNB General Insurance සමාගම නව්‍යකරණය සහ උසස් සේවය තුළින් සිය පාර්ශ්වකරුවන් හට උපරිම වටිනාකම ලබා දීමට කැප වී සිටින සමාගමකි.