2023 මැයි 17, පෙ.ව. 12:02
විදෙස්ගත ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් වෙනුවෙන් සුවිශේෂී නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට රජයේ අවධානය යොමුව තිබෙනවා.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සමග ඒකාබද්ධව මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාරගේ යෝජනාවකට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනු ඇති.
ඒ සඳහා වන විශේෂ සාකච්ඡාවක් නාගරික හා නිවාස සංවර්ධන රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගම මහතා සමග සිදුකර තිබෙනවා.
විදේශ ගත ශ්‍රමිකයින්ගේ නිවාස අවශ්‍යතාවය සම්බන්ධයෙන් වන සමීක්ෂණයක් ලබන සඳුදා දිනයේදී ආරම්භ කිරීමට එහිදී තීරණය කර තිබෙනවා.
සති දෙකක් තුළදී එම තොරතුරු ලබාගැනීමට අපේක්ෂිත අතර දිවයින පුරා සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්ත කර සිටින සංවර්ධන නිලධාරීන්, තානාපති කාර්යාල හරහා මෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය හරහා මෙම සමීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සමග ඒකාබද්ධව ක්‍රියාත්මක කෙරෙන මෙම නිවාස ව්‍යාපෘතිය සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මූල්‍ය දායකත්වය ලබාදීමට නියමිතයි.
විදේශ ගත ශ්‍රමිකයින් ඇතුළු විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගේ අවශ්‍යතාවය අනුව නාගරික තට්ටු නිවාස සංකීර්ණ ලෙස හා ග්‍රාමීය තනි නිවාස සංකීර්ණ ලෙස මෙම නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
මීට අමතරව තමන්ගේ ඉඩමක නිවසක් ඉදිකිරීම සදහාද මේ යටතේ කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.
විදේශ ගත ශ්‍රමිකයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඉලක්ක කරගෙන පවත්වනු ලබන සමීක්ෂණයෙන් ලබාගන්නා දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසුව නිවාස වර්ග, නිවාස සංඛ්‍යාව හා නිවාස ඉදිකරනු ලබන ප්‍රදේශ හඳුනාගැනීමට නියමිතව තිබෙනවා.
ඉන් පසුව නිවාස සංවර්ධන අධිකාරිය සතු සහ රජය සතු ඉඩම් යොදා ගනිමින් නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙනවා.
2025 මැයි 06, ප.ව. 3:46
2025 මැයි 06, ප.ව. 1:58
2025 මැයි 04, ප.ව. 4:26
2025 මැයි 02, ප.ව. 2:10
2025 මැයි 02, ප.ව. 12:27