2022 දෙසැම්‍බර් 22, පෙ.ව. 7:54
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2022 නොවැම්බර් මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 65% ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
2022 ඔක්තෝබර් මාසයේ දී මෙම අගය 70.6% ක් ලෙසින් වාර්තා වී තිබුණා.
ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ දී පැවති 80.9% සිට 2022 නොවැම්බර් මාසයේ දී 69.8% ක් දක්වා පහළ ගොස් තිබෙනවා.
මේ අතර ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2022 ඔක්තෝබර් මාසයේ දී පැවති 61.3% සිට 2022 නොවැම්බර් මාසයේ දී 60.4% ක් දක්වා පහළ ගොස් තිබෙන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

2025 දෙසැම්‍බර් 18, ප.ව. 4:59
2025 දෙසැම්‍බර් 18, ප.ව. 3:18
2025 දෙසැම්‍බර් 17, ප.ව. 12:21
2025 දෙසැම්‍බර් 17, පෙ.ව. 11:07
2025 දෙසැම්‍බර් 16, ප.ව. 12:39