2023 සැප්‍තැම්‍බර් 21, පෙ.ව. 8:24
පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරුණියන් 25641 දෙනෙකුට විදෙස් රටවල් වල රැකියා ලබා දිමට ක්‍රිඩා හා තරුණ කටයුතු අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්තිකාර්යාංශය කටයුතු යොදා තිබෙනවා.
වාරිමාර්ග ක්‍රිඩා හා තරුණ කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් පරිදි තරණ සේවා සභා කලමනාකාර අධ්‍යක්ෂ සුරංග අජිත් මහතාගේ මග පෙන්විම යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
විදේශීය රටවල රැකියා ලබා දිම සදහා පොලොන්නරුව දිස්ත්‍රීක්කයෙන් ඇරඹෙන පළමු නියමු වැඩසටහන පිලිබදව රජයේ නිලධාරීන් හා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ජනමාධ්‍යවේදීන් දැනුවත් කිරිම සදහා සාකච්ඡාවක් පොලොන්නරුව දිසා ලේකම් ඩබ්ලිව් ධර්මසිරි මහතාගේ ප්‍රධානාත්වයෙන් ලේකම් කාර්යාල රැසවිම් ශාලාවේ දි පැවැත්වුණා.
වාරිමාර්ග ක්‍රිඩා හා තරුණ කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ උපදෙස් පරිදි තරණ සේවා සභාව විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කරන මෙම වැඩපිළිවෙළ තුලින් පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රුකියා නොමැති පුහුණු නොපහුණු තරුණ තරුණියන්ට විදේශීය රටවල් 22ක රැකියා සදහා යැවීමට අවස්ථාව උදාවනවා.
දැනටමත් විදෙස් රටවල් 22 ක් අප රටේ තරුණියන්ට රැකියා ලබා දිමට කැමැත්ත ප්‍රකාශකර ඇති බවත් දැනට රැකියා අවස්ථා 25641ක් ඇති බව තරුණ සේවා සභා කලමනාකරන අධ්‍යක්ෂ සුරංග අජිත් මහතා පැවසුවා.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26