2022 නොවැම්‍බර් 04, පෙ.ව. 7:45
සංචාරක වීසා මගින් විදෙස් රැකියා සඳහා පිටත්ව යාම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පියවර ගෙන තිබෙනවා.
රැකියා අවස්ථා ලබා ගැනීම සඳහා සංචාරක වීසා මගින් විදේශ ගත වූ කාන්තාවන්ට රැකියා නොලැබීමල හිරිහැර විඳීමට සිදුවීමල සිරගත වීම සහ අතරමංවීම ආදී කරුණු පිළිබඳව තොරතුරු වාර්තාවීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි එම කාර්යාංශය නිවේදනය කළේ.
මේ අනුව ඩුබායි, අබුඩාබි ඇතුළු එක්සත් අරාබි ඒමීර් රාජ්‍යයේ සියලුම ප්‍රදේශයන්හි ගෘහස්ථ හා නුපුහුණු රැකියා සදහා සංචාරක වීසා මගින් කාන්තාවන් යෙදවීම වහාම ක්‍රියාත්මකවන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබෙනවා.
එමෙන්ම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි රැකියා නියෝජිතායතන මාර්ගයෙන් ගෘහස්ථ හා නුපුහුණු රැකියා සඳහා යොමුවන කාන්තාවන් විශේෂ උපදෙස් මත ලියාපදිංචිය සඳහා ලබාදී තිබූ අවසරය ද අත්හිටුවා තිබෙන බවයි වාර්තා වන්නේ.
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
2026 ජනවාරි 29, ප.ව. 3:35
2026 ජනවාරි 29, ප.ව. 2:28
2026 ජනවාරි 29, පෙ.ව. 7:59