hit counter

2025 ජූලි මස 30 වන බදාදා

2025 ජූලි 29, ප.ව. 2:40



මහනුවර, ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් මහජන බැංකුව මෙවරත් අනුග්‍රාහක දායකත්වය පිරිනමයි.

ශ්‍රී දළදා මාලිගාවේදී පසුගියදා දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත මහජන බැංකුවේ මහනුවර ප්‍රාදේශීය කළමනාකාර නලින් පොත්තෙවෙල මහතා අතින් මෙම ප්‍රදානය සිදුකෙරිණි.

මේ අවස්ථාවට මහනුවර වැඩබලන සහකාර ප්‍රාදේශීය කළමනාකාර එස්. බී. බඹරදෙනිය සහ මහනුවර අධි ශ්‍රේණි ශාඛා ජ්‍යෙෂ්ඨ කළමනාකාර ප්‍රසන්න කරුණාරත්න යන මහත්වරුන් ද සහභාගි විය.

පෞරාණික සිරිත් විරිත් වලට මුල්තැන දෙමින්, දේශිය නර්තනාංගයන්ගෙන් විචිත්‍රවත්ව පැවැත්වෙන මෙම සංස්කෘතික මංගල්‍යයට නොකඩවා අනුග්‍රාහක දායකත්වය ලබාදීම පිළිබඳ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මෙහිදි මහජන බැංකුව වෙත තම ස්තුතිය පුදකළේය.