hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2023 අප්‍රේල් 13, පෙ.ව. 5:33



උත්සව සමයත් සමග වෙළදපලේ රසකැවිලි මිල ගණන් ඉහල ගොස් තිබෙනවා.

එමෙන්ම අලු‍ත් අවුරුද්දේ චාරිත්‍ර ඉටු කිරීම සදහා යොදා ගනු ලබන බුලත්වල මිල ගණන් ද ඉහළ ගොස් ඇති බවයි වෙළදපල ආරංචි මාර්ග සදහන් කළේ.

රසකැවිලි නිෂ්පාදනය සදහා යොදා ගන්නා සීනි, පොල්තෙල්, මුං ඇට, පොල් ඇතුළු අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් සිය නිෂ්පාදනවල මිල ඉහළ දැමීමට සිදුවූ බව රසකැවිලි නිෂ්පාදකයින් සඳහන් කළා.

ඒ අනුව පෙර වසරවල රුපියල් 40ත් 60ත් අතර මිලකට අලෙවි වූ කැවුමක මිල මේ වන විට රුපියල් 60ත් 100ත් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

එසේම කොකිසක මිල ද රුපියල් 30 දක්වා සහ ආස්මියක මිල රුපියල් 120 දක්වා ඉහළ ගොස් තිබීම විශේෂත්වයක්.

එමෙන්ම පැණි වළල්ලක මිල රුපියල් 100 දක්වා ඉහළ ගොස් ඇත්තේ ඒ සඳහා යොදා ගන්නා උදු පිටිවල මිල ඉහළ යාම හේතුවෙන්.

අලු‍ත් අවුරුදු චාරිත්‍ර සදහා යොදා ගනු ලබන බුලත් අතක මිල ද රුපියල් 320 දක්වා ඉහළ ගොස් තිබෙනවා.