hit counter

2024 දෙසැම්‍බර් මස 28 වන සෙනසුරාදා

2023 ජූනි 11, ප.ව. 1:15



ජංගම දුරකථන මිල සියයට 20කින් අඩු කළ හැකි බවට ඇතැම් සංගම් පැවසුව ද එම සහනය මේ මොහොතේ පාරිභෝගිකයින්ට ලබාදීම අපහසු බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසනවා.

පවතින තොග අවසන් වීමෙන් පසු ජංගම දුරකථන සහ උපාංග වල මිල සියයට 20 කින් පමණ අඩු කිරීමට තීරණය කර ඇති බවයි ශ්‍රී ලංකා ජංගම දුරකථන ආනයන සහ විකුණුම්කරුවන්ගේ සංගමය ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

රුපියල ශක්තිමත් වීමේ වාසිය ජනතාවට ලබාදීම සඳහා මෙම පියවර ගන්නා බව එම සංගමයේ සභාපති සමිත් සෙනරත් මහතා එහිදී කියා සිටියා.

කෙසේ වෙතත්, සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා මහතා අද පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ තමන් වැඩි මිලට මිලදී ගත් නිෂ්පාදන එලෙස අඩු මිලට පාරිභෝගිකයාට ලබාදිය නොහැකි බවයි.

තවමත් තමන්ට අඩු වූ ඩොලරයේ වාසිය හිමිවී නොමැති බව ද ඔහු එම මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා.