hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 13, ප.ව. 4:10



ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදකවන SLT-MOBITEL, සිය පාරිභෝගිකයන්ට සීමාවකින් තොරව කැමති ඕනෑම අවස්ථාවක HD ප්‍රමිතියෙන් යුතුව වීඩියෝ නැරඹීමට අවස්ථාව සලසා දීම සඳහා ‘Aviator Prime’ නමින් සුවිශේෂී පැකේජ එකතුවක් හඳුන්වා දී තිබේ.

පාරිභෝගිකයන්ගේ වෙනස්වන අවශ්‍යතා මෙන්ම බාධාවකින් තොරව අන්තර්ජාලය භාවිතා කිරීමට ඔවුන් තුළ ඇති කැමැත්ත හඳුනාගනිමින් SLT-MOBITEL මෙම හඳුන්වාදීම සිදුකර ඇත. මෙමගින් පාරිභෝගිකයන්ට තම ජංගම දුරකථන ඔස්සේ කිසිදු බාධාවකින් තොරව වඩාත් ඉහළ මට්ටමේ විනෝදාස්වාදයක් ලැබීමට අවස්ථාව හිමි වේ.

මෙම පැකේජ තුළින් ලැබෙන ප්‍රතිලාභ අතරට ඕනෑම වෙලාවක වේග සීමා නොමැති අධිවේගී අන්තර්ජාල සම්බන්ධතාව, ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම්, ඕනෑම ජාලයකට SMS සහ වේග සීමාවන්ගෙන් තොරව Meta සහ YouTube වැනි සමාජ මාධ්‍ය ඔස්සේ HD වීඩියෝ නැරඹීමේ අවස්ථාව හිමි වීම ආදිය ඇතුළත් වී ඇත. ඒ අනුව මෙය පාරිභෝගිකයන්ට සිත් සේ තමන් කැමතිම චිත්‍රපට, රූපවාහිනී වැඩසටහන් සහ ගීත ආදිය නැරඹීමට ලැබෙන මහඟු අවස්ථාවකි. එමෙන්ම Aviator Prime HD පැකේජ සමග අසීමිත දුරකථන ඇමතුම් සහ SMS පහසුකම්ද හිමිවන නිසා පාරිභෝගිකයන්ට රිසි සේ තම සන්නිවේදන අවශ්‍යතා සපුරා ගැනීමටද අවස්ථාව හිමි වේ.

පාරිභෝගිකයන්ට තම කැමැත්ත පරිදි දිනපතා, මාස්පතා හෝ ඊටත් වැඩි කාලසීමා සඳහා Aviator Prime පැකේජ තෝරාගත හැකි වේ. එක්දින Aviator පැකේජයක් සඳහා 1.5GB සමග ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් සහ SMS 30 ක් නොමිලේ හිමිවන අතර එහි මිල රු. 98/- කි. දින 30 Aviator Pro පැකේජය සඳහා 45GB (දිනකට 1.5GB බැගින්) සමග ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් සහ SMS 1,000 ක් හිමිවන අතර එය රු. 1,555/- කට ලබාගත හැක. දින 90 ක් වලංගු Aviator Pro Max පැකේජය යටතේ 90GB ඩේටා (දිනකට 3GB) සමග ඕනෑම ජාලයකට අසීමිත ඇමතුම් සහ SMS 1,000 ක් හිමිවන අතර එහි මිල රු. 2,999/- කි. මේ සියලුම පැකේජ සඳහා WhatsApp, Google Maps සහ Waze නොමිලේ භාවිතා කිරීමේ පහසුකම හිමි වේ.

දැනටමත් SLT-MOBITEL පෙරගෙවුම් සම්බන්ධතා හිමි හෝ අලුතින් සම්බන්ධතා ලබාගන්නා පාරිභෝගිකයන් සියලුම දෙනාට Aviator Prime HD පැකේජ ලබාගත හැක. අදාළ මුදල රීලෝඩ් කිරීම, Selfcare App භාවිතා කිරීම, අලෙවි නියෝජිතයන් හෝ බැංකුකරණ යෙදුම් හරහා අදාළ පැකේජය සක්‍රීය කිරීම ඇතුළු විවිධ ක්‍රම ඔස්සේ පාරිභෝගිකයන්ට තමන් කැමති Aviator Prime පැකේජ ඉතාමත් පහසුවෙන් සක්‍රීය කරගත හැකි වේ.

SLT-MOBITEL හි තවත් පුරෝගාමී හඳුන්වා දීමක්වන Aviator Prime පැකේජ එකතුව, පාරිභෝගිකයන්ට තම රුචිකත්වය අනුව සිත් සේ තම ප්‍රියතම චිත්‍රපට නැරඹීම සහ ගීතවලට සවන් දීම ඇතුළු විනෝදාස්වාද ක්‍රියාකාරකම්වල යෙදීමට ලැබෙන මහඟු අවස්ථාවක් වනු නිසැක ය.