hit counter

2025 මැයි මස 07 වන බදාදා

2023 මැයි 17, පෙ.ව. 11:51



දැනට රජය විසින් ලබාදෙන වකුගඩු ආධාර, වැඩිහිටි ආධාර ඇතුළු මහජන ආධාර මුදල් කප්පාදුවකින් තොරව අඛණ්ඩව ලබාදෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවැසුවා.

විශේෂ හැකියා සහිත පුද්ගලයන්, වකුගඩු ආධාර ලබාදෙන පුද්ගලයන් සහ වැඩිහිටි ආධාර ලබාදෙන පුද්ගලයන් යන කාණ්ඩ තුනට අයත් පන්ලක්ෂ විසිදහස ඉක්ම වූ පිරිස වෙනුවෙන් ලබාදෙන ආධාර මුදල් කිසිදු කප්පාදුවකින් තොරව අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බවද ඇමැතිවරයා පැවැසුවා.

මහජන ආධාර ලබාදෙන දින වකවානුවක් සඳහන් නොකළ අය වෙනුවෙන් අඛණ්ඩව ආධාර මුදල් ලබාදීමට කටයුතු කරන බවත් ඇමැතිවරයා සඳහන් කළා.

විශේෂ හැකියා සහිත පුද්ගලයන්, වකුගඩු ආධාර ලබාදෙන පුද්ගලයන් සහ වැඩිහිටි ආධාර ලබාදෙන පුද්ගලයන් යන කාණ්ඩ තුනට  අයත් පුද්ගලයකු අස්වැසුම ප්‍රතිලාභ ලැබීම සඳහාද සුදුසුකම් ලබා ඇත්නම් එම පුද්ගලයන්ටද අදාළ ආධාර ද්විත්වයම ලබාදීමට කටයුතු කරන බවද මුදල් රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පැවැසුවා.