hit counter

2024 ඔක්‍තෝබර් මස 05 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 04, පෙ.ව. 11:16



රෙසිඩන්සිස් පුද්ගලික සමාගම පානදුර සුප්‍රසිද්ධ වෙරළ තීරය මත ඉදිකිරීමට යෝජිත “ඕෂනීස්‍ටා රෙසිඩෙන්සිස්” එක් පසෙකින් සුන්දර මුහුදු තීරයද, අනෙක් පසින් බොල්ගොඩ ගඟෙහි අසිරියද විඳ ගනිමින්, අලංකාරත්වය හා සුවපහසුව එකට මිශ්‍ර වූ හැගීම් සමුදායකින් යුතුව ජීවිතය විදගත හැක.

ඕෂනීස්‍ටා රෙසිඩෙන්සිස් මහල් නවයකින් සමන්විත නිවාස විසිහතරකට පමණක් සීමා වීම තුළින් අසමසම පෞද්ගලිකත්වයක්ද ඔබට සහතික කරයි. එපමණක් නොව මෙම නිවාස 24ම වෙරළ තීරයට මුහුණලා තිබීම විශේෂත්වයකි. මෙම නිවාස සංකීර්ණය පිහිටා ඇත්තේ උදෑසන හිරු උදාවේ සිට සන්ධ්‍යාවේ හිරු බැසීම තෙක් ස්වභාවධර්මයේ අසිරියෙන් ඔබේ මනස ප්‍රබෝධමත් කරවන සුළු අපූරු පරිසරයකය.

පිළිගත් ඉංජිනේරු මඩුල්ලකගේ දායකත්වයෙන් හා නවීන ගෘහ නිර්මාණ ශිල්පීය ක්‍රම අනුව සැලසුම් කර ඇති මෙම මහල් නිවාස සංකීර්ණය දේශීය හා විදේශීය සංචාරකයන් දෙයක්ම සුවිශේෂී ගමනාන්තයක් වන පානදුර මුහුදු වෙරළේ පිහිටා ඇති අතර, එතැන් සිට බොල්ගොඩ ගං තීරයට ඇත්තේ මීටර් 50ක දුරක් පමණි. කොළඹ – මාතර අධිවේගී මාර්ගයට ප්‍රවේශ විය හැකි ගැලනිගම අන්තර් හුවමාරුවට කිලෝමීටර් කිහිපයකි. සුපිරි වෙළදසැල් අවන්හල්, රෝහල් සහ විවිධ අත්‍යාවශ්‍ය සේවා සදහා ඉක්මනින් ළගාවීමේ පහසුව නිතැතින්ම ලැබෙනු ඇත.

නිදන කාමර එකකින්, දෙකකින් හෝ තුනකින් යුතු නිවාස ඒකක අතුරින් ඔබේ මනසට සරිලන ආකාරයෙන් තෝරාගැනීමට හැකිය. සෑම නිවාස ඒකකයක්ම ආලින්දය, කෑම කාමරය, නවීන පන්නයේ මුළුතැන්ගෙය, නාන කාමරය සහ නිල්වන් මුහුදු තීරය වඩාත් හොදින් දිස්වෙන ඉහළ මහලේ පිහිනුම් තටාකය , කායවර්ධන මධ්‍යස්ථානය සහ සමාජ ශාලා වලින් සුඛෝපභෝගී ජීවන අත්දැකීමක් ඔබට හිමිවනු ඇත.

මෙම අති විශිෂ්ට ව්‍යාපෘතිය සම්බන්ධව තවත් තොරතුරු දැන ගැනීමට හෝ ඔබේ නිවස වෙන් කරවා ගැනීමට 0710 999 666 දුරකථන අංකයට අමතන්න.

Example Image