hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූනි 19, ප.ව. 12:01



මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයෙන් සියලුම විෂය ධාරාවන්ගෙන් දිවයිනෙන්ම සහ දිස්ත්‍රික් වශයෙන් ඉහළ ස්ථාන හිමිකරගත් සිසු දරු දැරියන්ට මහජන බැංකුව වෙතින් පසුගියදා මුදල් තිළිණ පිරිනැමිණි.

මෙහිදි එක් එක් විෂය ධාරාව යටතේ දිවයිනේ පළමු ස්ථානයට රු.150,000ක් දෙවැනි ස්ථානයට රු.100,000ක් සහ තෙවැනි ස්ථානයට රු.75,000ක් බැගින් ලබාදෙන ලදි.

ඒ අනුව ජීව විද්‍යා විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය දිනූ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයේ පහන්මා උපනි ලෙනෝරා, භෞතික විද්‍යා අංශයේ ප්‍රථම ස්ථානය හිමිකරගත් කොළඹ ආනන්ද විද්‍යාලයේ ඩබ්ලිව්. ඒ චිරාත් නිරෝධ, කලා විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය හිමිකරගත් ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ටසුන් රිත්මික විතානගේ, වාණිජ විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය හිමිකරගත් පානදුර බාලිකා විද්‍යාලයේ ශෙහාරා සිතුමිණි පුංචිහේවා, ජෛව පද්ධති තාක්ෂණ විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය හිමිකරගත් ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලයේ කිරුඵ සිහිල්දිය පල්ලියගුරු, ඉංජිනේරු තාක්ෂණ විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය හිමිකරගත් ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයේ ශෙහානි නවෝද්‍යා මුල්විලගේ ඇතුඵ දරු දැරියන්ට මුදල් තිළිණ පිරිනැමිනි.

මෙම අවස්ථාවන්ට මහජන බැංකුවේ ප්‍රාදේශිය කළමනාකරුවන්, සහකාර ප්‍රාදේශිය කළමනාකාර කළමනාකාරවරියන්, විදුහල්පතිවරුන් සහ දෙමාපියන් ද සහභාගි වූහ.