hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 10, පෙ.ව. 9:42



මහජන බැංකුව ජාතික ව්‍යාපාර විශිෂ්ටතා 2024 සම්මාන උළෙලේදී සම්මාන 6ක් හිමිකර ගනිමින් සිය විශිෂ්ටත්වය සහ ඉහළම කාර්ය සාධනය, තිරසාරත්වය සහ සමාජ වගකීම් සඳහා වූ කැපවීම යළිත් වරක් තහවුරු කරගෙන තිබේ. ජාතික වාණිජ මණ්ඩලය විසින් මෙම සම්මාන උළෙල සංවිධානය කරන ලදි.

මෙහිදි මහජන බැංකුව, බැංකු අංශයේ සමස්ත ජයග්‍රාහකයා බවට පත් වූ අතර, බැංකුවේ විශිෂ්ට කාර්ය සාධනය සහ කළමනාකරණ පරිචය වෙනුවෙන් කාර්ය සාධන කළමනාකරණය පිළිබඳ විශිෂ්ටත්වය සඳහා වන සම්මානය ද හිමි විය. මීට අමතරව තිරසර ක්‍රියාමාර්ග සහ වෙළඳපළ අත්පත් කරගැනීම සඳහා වන කැපවීම ඉස්මතු කරමින්, පාරිසරික තිරසාරත්වය සහ දේශීය වෙළඳපළ ප්‍රවේශයේ විශිෂ්ටත්වය සඳහා අනුශූරතාවය හිමිවිය. එමෙන්ම මහජන බැංකුව සුවිසල් කාණ්ඩයේ කුසලතා සම්මානයෙන් සහ ආයතනික සමාජ වගකීම් ඉටුකිරීමේ විශිෂ්ටත්වය වෙනුවෙන් කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය.

මේ පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා: ‘මෙසේ මෙම සම්මානයන්ගෙන් පිදුම් ලැබීම සමස්ත මහජන බැංකු කණ්ඩායමේ වෙහෙස මහන්සිය හා කැපවීම පිළිබඳ හොඳම සාක්ෂියක් වනවා. බැංකු අංශයේ සහ කාර්ය සාධන කළමනාකරණය යන ක්ෂේත්‍රයන්ගෙන් අප ලැබූ ජයග්‍රහණ තුළින් අප කෙරෙහි ඇති පිළිගැනීම, මෙහෙයුම් විශිෂ්ටත්වය සහ උපායමාර්ගික කළමනාකරණය සඳහා වන අපගේ කැපවීම මනාව පිළිඹිබු වනවා. සමාජයට සහ පරිසරයට ධනාත්මක බලපෑමක් සිදුකිරීම අරමුණු කරගත් අපගේ වැඩපිළිවෙලට මූලික වන පාරිසරික තිරසාරභාවයන් පවත්වාගෙන යාම සහ ආයතනික සමාජ වගකීම් පිළිබඳ බැංකුවේ කාර්යභාරය පිළිබඳ අප නිහතමානීව ආඩම්බරයට පත්වනවා.’

මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා ‘විශිෂ්ටත්වය හඹා යාම සඳහා වෙනුවෙන් නොපසුබස්නා උත්සාහය සහ තිරසාර වර්ධනයක් කරා ගමන් කරන අතරම ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලීම සඳහා අපගේ කැපවීම මේ ඇගයීම් තුළින් මනාව පිළිබිඹු වනවා. ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින සියලුම ප්‍රජාවන්ට සේවය කරමින්, බැංකු ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස අපගේ තත්ත්වය පවත්වා ගැනීම සඳහා සේවාවන් නව්‍යකරණය කිරීම සහ වැඩිදියුණු කිරීම අඛණ්ඩව සිදුකරනවා. ආයතනික සමාජ වගකීම් සහ පාරිසරික තිරසාරභාවය පිළිබඳ අපගේ ජයග්‍රහණයන් තුළින්ද අපගේ සමාජ තිරසර අරමුණු වඩාත් අර්ථවත් වනවා’.

මහජන බැංකුව සිය මෙහෙයුම්වල සෑම අංශයකම විශිෂ්ටත්වය සඳහා වන කැපවීම මෙම සම්මාන මඟින් තව දුරටත් අවධාරණය වේ. තිරසාර ක්‍රියාමාර්ග, පූර්ණ වෙළඳපල ප්‍රවේශය සහ ශක්තිමත් කාර්ය සාධන කළමනාකරණ පද්ධතින් කෙරෙහි බැංකුවේ කාර්යභාරයද මේ තුළින් මනාව නිරුපණය වේ.

මහජන බැංකුව තම විශ්වාසවන්ත ගනුදෙනුකරුවන්, කාර්ය මණ්ඩලය සහ පාර්ශ්වකරුවන් වෙත සිය කෘතඥතාවේදීත්වය පළ කර සිටින අතර, සියලුම ශ්‍රී ලාංකිකයන් වෙත උසස් බැංකු සේවාවන් පිරිනැමීමට අඛණ්ඩව ඇපකැපවී සිටි.