hit counter

2026 මාර්තු මස 13 වන සිකුරාදා

2024 ජූලි 11, ප.ව. 6:17



මහජන බැංකුවේ 63 වැනි සංවත්සරය නිමිති කරගනිමින් පැවති ලේ දන්දීමේ කඳවුර කොළඹ 02, මහජන බැංකුවේ ප්‍රධාන කාර්යාලයීය ආපන ශාලාවේදි පැවැත්විණි.

මහජන බැංකුවේ සුබසාධක දෙපාර්තමේන්තුව සංවිධානය කළ මෙම ලේ දන්දීමේ කඳවුරේදි බැංකු කාර්යමණ්ඩලයේ විශාල පිරිසක් ලේ පරිත්‍යාග කළ අතරල මේ අවස්ථාවට මහජන බැංකුවේ සභාපති සුජිව රාජපක්ෂ, ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (බැංකු සහාය සේවා) නිපුණිකා විජේරත්න, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (අවදානම් කළමනාකරණ) අනුර පෙරේරා, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (මානව සම්පත්) මංජුල දිසානායක හා ජ්‍යෙෂ්ඨ කළමනාකාර (සුබසාධන සහ සේවක ණය) අජිත් රත්නායක යන මහත්ම මහත්මින් සහභාගි වුහ.