hit counter

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා

2024 අගෝස්‍තු 02, පෙ.ව. 9:17



මහජන බැංකුවේ ගල්කිරියාගම ශාඛාව නව පරිශ්‍රයක විවෘත කිරීම පසුගියදා සිදු කෙරිණි.

ගල්කිරියාගම, නව නගරයේ ස්ථාපිත කර ඇති මෙම ශාඛාව අති නවින තාක්ෂණයෙන් සහ සුවිශේෂ සේවාවන්ගෙන් සමන්විතය.

මේ අවස්ථාවට මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය, අනුරාධපුර ප්‍රාදේශිය කළමනාකාර අසිත ධනවිලවිතාන, සහකාර ප්‍රාදේශීය කළමනාකාර සුධීර ජයසිංහ, සහකාර ප්‍රාදේශිය කළමනාකාරිනියන් වන ඉලංකා කිරින්දේගෙදර, සමන්තා ඒකනායක සහ ජ්‍යෙෂ්ඨ නීති නිලධාරි එස්. එම්. ඩී. කුමාරි, ගල්කිරියාගම ශාඛා කළමනාකාර නෙවිල් දිසානායක යන මහත්ම මහත්මින් සහ ගනුදෙනුකරුවන් සහභාගි වූහ.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන මහජන බැංකුව, රුපියල් ටි්‍රලියන 3කට අධික ඒකාබද්ධ වත්කම්වලට සහ රුපියල් ට්‍රිලියන 2.5ක ඒකාබද්ධ තැන්පතු වලට හිමිකම් කියයි.

දිවයින පුරා විහිදුනු ශාඛා සහ සේවා මධ්‍යස්ථාන 749ක ජාලය සමඟින් මිලියන 15.2 කට අධික ගනුදෙනුකරුවන් පිරිසකට සේවය සපයයි.