2024 අගෝස්‍තු 14, ප.ව. 12:45
මහජන බැංකුවේ ‘මහජන මෙහෙවර’ සමාජ සත්කාරක වැඩසටහන් මාලාව යටතේ පදවිය, වැලිඔය ප්‍රදේශයේ අඩු ආදායම්ලාභි පවුලක් වෙනුවෙන් ඉදිකළ නව නිවස ඔවුන් වෙත භාරදීම පසුගියදා සිදුකෙරිණි.
මේ සඳහා වන මූල්‍ය දායකත්වය මහජන බැංකුවේ බෞද්ධ සංගමය, අනුරාධපුර ප්‍රාදේශීය ප්‍රධාන කාර්යාලයේ සහ ශාඛාවන්හි කාර්ය මණ්ඩලය විසින් පිරිනමන ලද අතර, ශ්‍රම දායකත්වය ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා දෙපාර්තමේන්තුවේ 9වැනි බල ඇණිය විසින් ලබාදෙන ලදි.
මේ අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, ශ්‍රී ලංකා යුද හමුදාවේ ගජබා දෙපාර්තමේන්තුවේ 9වැනි බල ඇණියේ දෙවැනි අණදෙන නිලධාරි සුජිත් කරුණානායක, මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (බැංකු සහය සේවා) නිපුනිකා විජයරත්න, අලෙවි ප්‍රධානි නාලක විජයවර්ධන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) නලින් පතිරණගේ, අනුරාධපුර ප්‍රාදේශිය කළමනාකාර අසිත ධනවිලවිතාන යන මහත්ම මහත්මීන් ඇතු`ඵ සහකාර ප්‍රාදේශීය කළමනාකාර කළමනාකාරිනියන්, පදවිය ශාඛා කළමනාකාරු, බෞද්ධ සංගමයේ නිලධාරින් හා මහජන බැංකු කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් සහභාගි වූහ.