hit counter

2025 අප්‍රේල් මස 12 වන සෙනසුරාදා

2024 අගෝස්‍තු 29, පෙ.ව. 10:59



මහජන බැංකුව සිය ‘මහජන මෙහෙවර’ ආයතනික සමාජ වගකීම් වැඩසටහන් මාලාව යටතේ, 1990 සුවසැරිය ගිලන්රථ සේවය වෙනුවෙන් එහි ‘Adopt an Ambulance’ වැඩසටහන සඳහා දායකත්වය පිරිනමයි.

ඒ අනුව මහජන බැංකුවේ දායකත්වයෙන් නවීකරණය කර, බැංකුවේ ලාංඡනය සමඟ සන්නාමකරණය කළ ගිලන් රථයක් කළුතර දකුණ නව මෙහෙයුම් මධ්‍යස්ථානය යැවීමට වෙත යැවීමට පෙර නිල වශයෙන් භාරදීම පසුගියදා සිදුකෙරිණි.

මේ පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා ‘ඉක්මන් හා කාර්යක්ෂම වෛද්‍ය ආධාර සැපයීමට පමණක් නොව, ශ්‍රී ලංකාවේ සමස්ත සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් ශක්තිමත් කිරීමට ද උපකාරී වන මෙම කර්තව්‍යය සඳහා 1990 සුවසැරිය පදනම සමඟ අත්වැල් බැඳගැනීමට හැකිවීම ගැන අපි ආඩම්බර වන්නෙමු,’ යැයි පැවසිය.

මේ පිළිබඳ අදහස් දැක්වූ 1990 සුවසැරිය ප්‍රධාන විධායක නිලධාරී සොහාන් ද සිල්වා මහතා ‘අපගේ කාර්යක්ෂම පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර ලබාදීමේ මෙහෙවර සඳහා මහජන බැංකුව දක්වන අමිල සහයෝගය වෙනුවෙන් අපි මහජන බැංකුවට කෘතවේදිත්වය පිරිනමන්නෙමු. අපගේ සේවාවන් අත්‍යාවශ්‍ය පුද්ගලයින්ට එම සේවාව හා ඉන් ලැබිය යුතු රැකවරණය නිසි පරිදි පිරිනැමීමට ‘Adopt an Ambulance’ වැඩසටහන සාර්ථක කරගැනීමට මෙවන් දායකත්වයන් ඉතාමත් වැදගත් වනවා යැයි පැවසීය.

අලුතින් සන්නාමකරණය කළ මහජන බැංකුවේ ගිලන් රථය තුළින් කළුතර දකුණ ප්‍රදේශයේ ජනතාවට පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර පිරිනැමීමේ හැකියාවන් වැඩිදියුණු වන අතර, වේගවත් සෞඛ්‍ය සේවාවක් පිරිනැමෙනු ඇත.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා, අලෙවි ප්‍රධානී නාලක විජයවර්ධන සහ සුවසැරිය පදනමේ ප්‍රධාන විධායක නිලධාරි සොහාන් ද සිල්වා යන මහත්වරුන් සහභාගි වූහ.

හදිසි වෛද්‍ය සේවාවන්හි පුරෝගාමී මෙහෙවරක් ඉටුකරන බළකායක් ලෙස 1990 සුව සැරිය පදනම ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ වර්ධනය වෙනුවෙන් දීර්ඝ කාලයක් පුරා කටයුතු කරමින් සිටී. ‘Adopt an Ambulance’ වැඩසටහන මෙම මෙම ක්‍රියාවලියේ වැදගත් කාර්යභාරයක් ඉටු කරන අතර, ගිලන්රථ පහසුකම් අවම ප්‍රදේශවල එම පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා සහාය වේ.