hit counter

2024 නොවැම්‍බර් මස 03 වන ඉරිදා

2024 සැප්‍තැම්‍බර් 06, ප.ව. 4:21



Satynmag, AICPA & CIMA Women Friendly Workplace Awards (WFWP Awards) 2024 සම්මාන උළෙලේදී මහජන බැංකුව, ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වඩාත් හිතකරම සේවා ස්ථානයක් ලෙස අඛණ්ඩව සිව්වැනි වරටත් සම්මානයට පාත්‍ර විය. මහජන බැංකුව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය පවත්වාගෙන යමින් සිය කාර්ය මණ්ඩලය සඳහා මිත්‍රශීලී සහ සුදුසු පරිසරයක් ලබාදීමට දක්වන අඛණ්ඩ කැපවීම මේ තුළින් මනාව තහවුරු වේ.

2021 වසරේ සිට Satynmag, AICPA හා CIMA විසින් සංවිධානය කරන මෙම සම්මාන උළෙල, ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය ප්‍රවර්ධනය කිරීමෙහිලා කැපී පෙනෙන කාර්යභාරයක නිරතවෙයි. මේ ඔස්සේ කාන්තා වෘත්තීය සංවර්ධනය, රැකියා-ජීවිත සමතුලිතතාවය සහ සාමාන්‍ය යහපැවැත්ම ප්‍රවර්ධනය කරන උපාය මාර්ගයන් දිරිගන්වයි.

ශ්‍රී ලංකාවේ කාන්තාවන්ට වඩාත් හිතකරම සේවා ස්ථානයක් ලෙස අඛණ්ඩව සිව්වැනි වරටත් සම්මානයට පාත්‍ර වූ මහජන බැංකුව, ස්ත්‍රී පුරුෂ සමානාත්මභාවය පිළිගැනීම, එය පවත්වාගෙන යාම තුළින් කාන්තා සාමාජිකාවන් අගය කරන සහ ඔවුන්ට ගෞරව කරන සංස්කෘතියක් ගොඩනඟා ඇත. මහජන බැංකුවේ සමස්ත කාර්ය මණ්ඩලයෙන් 60%ක් කාන්තාවන්ගෙන් සමන්විත වන අතර, බැංකුකරණයට අදාළ විවිධ ක්ෂේත්‍රයන්හි ඉදිරියට යාම සඳහා මහජන බැංකුව ඔවුන්ව නිරන්තරයෙන් දිරිමත් කරයි.

මේ පිළිබඳ අදහස් දැක්වූ මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ මහතා. ‘ස්ත්‍රී පුරුෂ භේදයකින් තොරව සියලුම කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන්ට විශිෂ්ටත්වයට පත් විය හැකි සේවා ස්ථානයක් නිර්මාණය කිරීම සඳහා වන අපගේ අඛණ්ඩ කැපවීම මෙම සම්මානය තුළින් මනාව නිරූපණය වනවා. කාන්තා කාර්ය මණ්ඩල සාමාජිකාවන්ට සුදුසු සේවා පරිසරය නිර්මාණය කිරීම හුදෙක්ම එක් ක්‍රියාවක් පමණක් නොව අපගේ ආයතනයේ සාර්ථකත්වය වෙනුවෙන් අත්‍යවශ්‍ය වන්නක්.’

මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා – ‘මෙම සම්මාන උළෙලේ දී පිළිගැනිමට ලක්වීම අපට ඉමහත් ගෞරවයක්. කාන්තාවන්ට ඔවුන්ගේ උපරිම දායකත්වය ලබාදිය හැකි ආරක්ෂිත සහ හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට මහජන බැංකුව අඛණ්ඩව කටයුතු කරන අතර, ඒ තුළින් විශිෂ්ට සේවා ඵලදායිතාවයක් අත්පත් කර ගැනීමටද සමත්වී තිබෙනවා.

Example Image