hit counter

2024 දෙසැම්‍බර් මස 30 වන සඳුදා

2024 සැප්‍තැම්‍බර් 14, ප.ව. 3:34



මහජන බැංකුවේ ‘පීපල්ස් ඩෙබිට් කාඩ් වෙතින් ගෙදරටම තෑගි’ දිනුම් ඇදීමේ ජුලි මාසයේ ජයග්‍රාහකයින් 50 දෙනා තෝරාගැනීමේ දිනුම් ඇදීම පසුගියදා පැවැත්විණි. ඒ අනුව මෙහි ජයග්‍රාහකයින්ට රු. 25,000ක් වටිනා සුපිරි වෙළඳසැල් වවුචර පත් 50ක් පිරිනැමේ.

‘පීපල්ස් ඩෙබිට් කාඩ් වෙතින් ගෙදරටම තෑගි’ දිනුම් ඇදීමෙන් රුපියල් 5,500,000ක් වටිනා තෑගි පිරිනැමෙයි. මෙහි සුපිරි ඇදීමෙන් රු 1,700,000ක් වටිනා ගෘහ විදුලි උපකරණ පිරිනැමෙන අතර, මාසික දිනුම් ඇදීම් වලින් රු. 25,000ක් වටිනා වවුචර්පත් 150ක් හිමිවේ. මෙම ප්‍රවර්ධන කාලසීමාව 2024 ජුලි 01 වැනිදා සිට 2024 සැප්තැම්බර් 30 දක්වා ක්‍රියාත්මකය.

එමෙන්ම මාසික දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලැබීමට අවම වශයෙන් ඩෙබිට් කාඩ්පත් මඟින් ගනුදෙනු 4ක් සිදුකර තිබිය යුතු අතර, එම ගනුදෙනුවල මුඵ වටිනාකම රු 10,000 ඉක්මවා තිබිය යුතුය. සුපිරි දිනුම් ඇදීම සඳහා මාස 3ක් තුළ අවම ගනුදෙනු 15ක් සිදුකර තිබිය යුතු අතර, එම ගනුදෙනුවල මුඵ වටිනාකම රු 50,000 ඉක්මවා තිබිය යුතුය.

මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (එතෙර ගනුදෙනු සේවා) අරුණි ලියනගුණවර්ධන, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි (ගෙවීම්,ක්‍රියාවලි කළමනාකරණ හා තත්ත්ව ආරක්ෂණ) නිල්මිණි ප්‍රේමලාල්, කාඩ්පත් ප්‍රධානි ජයනාත් ඩයස්, කළමනාකරු (කාඩ්පත් ව්‍යාපාර හා අලෙවි) අරුණ දන්තනාරායන, කළමනාකාරිනි (කාඩ්පත් ව්‍යාපාර) චලනි සේනානායක, නියෝජ්‍ය කළමනාකාරිනි (අභ්‍යන්තර විගණන) සුමුදු තෙන්නකෝන්, බස්නාහිර පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ බදු නිලධාරිනි ශ්‍රියානි නාපාගොඩ යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට සහභාගී වූහ.