2025 මැයි 22, ප.ව. 2:36
මහජන බැංකුව ඇතුළු පොදු ජන හිතැති ආයතන රැසක් බිහිකිරීමට මූලිකත්වය ගත් දිවංගත ටී.බී. ඉලංගරත්න මහතාගේ යුග මෙහෙවර සිහිපත් කිරීමේ අරමුණින් විශේෂ ගුණ සමරුවක් පසුගියදා කොළඹ 05, මහජන බැංකුවේ මාණ්ඩලික අභ්‍යාස විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.
දිවංගත ටී.බි.ඉලංගරත්න මහතාගේ 33වැනි ගුණානුස්මරණය යෙදුන මැයි මස 21 වැනිදා මෙම ගුණ සමරුව පැවැත්විණි.
මෙහිදි ටී.බී. ඉලංගරත්න ප්‍රතිමාව වෙත පුෂ්පෝහාර පිරිනැමුනු අතර, කැලණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ මහාචාර්ය අනුර මනතුංග මහතා විසින් විශේෂ සමරු දේශනය විසින් සිදුකරන ලදි.
මේ අවස්ථාවට ආයතන රැසක සභාපතිවරුන්, මහජන බැංකුවේ වැඩබලන ප්‍රධාන විධායක නිලධාරි/සාමාන්‍යාධිකාරි වික්‍රම නාරායන මහතා, ආයතනික සහ විධායක කළමනාකාරිත්වය හා ඉලංගරත්න පවුලේ ඥාතින් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
ටී. බි. ඉලංගරත්න මහතා 1913 වසරේදි මහනුවර හතරලියද්දේ දී උපත ලැබූ අතර, සිය ජීවිත කාලය තුළ දේශපාලඥයෙකු, වෘත්තිය සමිති නායකයකු, ලේඛකයකු, නාට්‍ය රචකයෙකු ආදි විවිධ භුමිකාවල නිරතවිය.
වෘත්තිය සමිති ක්ෂේත්‍රයෙන් දේශපාලනයට පිවිසි ඉලංගරත්න මහතා කම්කරු, නිවාස, සමාජ සේවා, ආහාර, සමුපකාර වෙළෙඳ, මුදල්, ස්වදේශ කටයුතු, රාජ්‍ය පරිපාලන අමාත්‍ය ධුර දරමින් සුවිශේෂ සේවාවන් රැසක නිරතවිය.
එවකට සීමිත ප්‍රභු පැළැන්තියට පමණක් සීමාවි තිබූ බැංකු ක්‍රමය සාමාන්‍ය පොදු ජනතාවට විවර කිරීමේ අරමුණින් ටී.බි. ඉලංගරත්න මහතා 1961 අංක 29 දරන මහජන බැංකු පනත ඉදිරිපත් කර, මහජන බැංකුව පිහිටුවීමට පුරෝගාමි මෙහෙවරක නිරත විය. මීට අමතරව ඔහු මෙරටට දයාද කළ සේවක අර්ධසාධක අරමුදල, රක්ෂණ සංස්ථාව, ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ජාතික ලොතරැයි මණ්ඩලය, සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව වැනි ආයතන අදද රටේ ආර්ථික ජීවනාලිය ලෙස කටයුතු කරයි.
සුප්‍රකට ගත්කරුවෙකු ද වූ ඉලංගරත්න මහතා, සාහිත්‍ය කෘති රැසක් රචනා කරමින් සිංහල සාහිත්‍යය ක්ෂේත්‍රයට සිදුකළ මෙහෙවරද සදා අමරණීය වේ.
2025 මැයි 22, ප.ව. 12:45
2025 මැයි 22, ප.ව. 12:16
2025 මැයි 22, පෙ.ව. 9:51
2025 මැයි 21, ප.ව. 1:40
2025 මැයි 21, පෙ.ව. 11:15