hit counter

2026 මාර්තු මස 12 වන බ්‍රහස්පතින්දා

2025 සැප්‍තැම්‍බර් 18, ප.ව. 4:01



මහජන බැංකුවේ අන්තර් ප්‍රාදේශික ක්‍රිඩා තරඟාවලියේ සය සාමාජික සැහැල්ලු පන්දු කාන්තා ක්‍රිකට් තරඟ රත්මලාන, ජනසතු සේවා ක්‍රිකට් ක්‍රිඩාංගනයේදි පසුගියදා පැවැත්විණි.

මෙම කාන්තා ක්‍රිකට් තරඟාවලිය ප්‍රථම වරට සංවිධානය කළ අතර, මේ සඳහා කණ්ඩායම් 15ක් සහභාගි විය. මෙහි ශුරතාවය ප්‍රධාන කාර්යාලයීය කණ්ඩායමට, අනු ශුරතාවය නුවරඑළිය ප්‍රාදේශිකයට, තෙවැනි ස්ථානය කුරුණෑගල ප්‍රාදේශිකයට සහ සිව්වන ස්ථානය මාතලේ ප්‍රාදේශිකයට  හිමිවිය.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි ක්ලයිව් ෆොන්සේකා මහතා ඇතු`ඵ ආයතනික හා විධායක කළමනාකාරිත්වය සහ කාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් සහභාගි වූහ.