hit counter

2026 ජනවාරි මස 09 වන සිකුරාදා

2026 ජනවාරි 08, ප.ව. 4:56



ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර, ශ්‍රී ලංකා ආර්ථිකයේ ජිවනාලිය ලෙස ක්‍රියා කරයි. එමෙන්ම එය රැකියා අවස්ථා නිර්මාණය, ප්‍රාදේශීය සංවර්ධනය සහ ආදායම් විෂමතාවය අවම කිරිමේදි වැදගත් කාර්යභාරයක නියැලේ. මෙරට ප්‍රමුඛතම රාජ්‍ය බැංකුවක් ලෙස මහජන බැංකුවේ ප්‍රධානතම අරමුණක් ලෙස ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයට දායක වීම හැඳින්විය හැකිය.

අප බැංකුවේ අපේක්ෂාව වන්නේ දිට්වා සුළි කුණාටුවෙන් සිදුවු ව්‍යවසනයන් යථා තත්ත්වයට පත්කිරිම පමණක් නොව, ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රයේ වර්ධනයට සහය වීමයි. එහිදි, ආරම්භක ක්ෂුද්‍ර ව්‍යාපාර ව්‍යවසායකයාගේ සිට, මහා පරිමාණ ව්‍යාපාර දක්වා, ව්‍යාපාරික අවශ්‍යතා අනුව මූල්‍ය පහසුකම්, මූල්‍ය උපදේශන සහ ව්‍යාපාර ක්ෂේත්‍රය සඳහා විශේෂිත විසඳුම් ඇතුළත් වේ. දිවයින පුරා පැතිරී ඇති මහජන බැංකුවේ ශාඛා ජාලය මඟින්, මහජන බැංකුව නාගරික, ග්‍රාමීය සහ දුෂ්කර ප්‍රදේශවල ව්‍යාපාරිකයින්ට සෘජුවම සහාය විය හැක.

මහජන බැංකුව හරහා ලැබිය හැකි රජය මගින් මූල්‍යයනය කරනු ලබන මූල්‍ය පහසුකම් මොනවාද?

මහජන බැංකුව රජය මඟින් මූල්‍යයනය කරනු ලබන සහ සහනදායි ණය යෝජනා කිහිපයක් ක්‍රියාත්මක කරනු ලබන අතර, ඒවා සාමාන්‍ය වෙළඳ පොළ පොලි අනුපාත වලට වඩා අඩු පොලි අනුපාත, මධ්‍යම/දිගු කාලීන ආපසු ගෙවීමේ කාල සීමා, ව්‍යාපෘති වල ශක්‍යතාවය අනුව ණය ප්‍රමාණ සහ ව්‍යාපාරික ක්ෂේත්‍ර, අරමුණ සහ ව්‍යාපාර පරිමාණය අනුව නිර්ණය කරන ලද සුදුසුකම් මත පදනම්ව ක්‍රියාත්මක කරයි.

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය සම්බන්ධ රජයේ ප්‍රතිපත්ති මාර්ගෝපදේශ අනුව රජය මගින් මූල්‍යයනය කරනු ලබන ණය පහසුකම් පහත සඳහන් ක්ෂේත්‍ර සඳහා මහජන බැංකු ශාඛා මගින් ලබාගත හැක.

ඉලක්කගත කණ්ඩායම වාර්ෂික පොලී අනුපාතයඋපරිමණය ප්‍රමාණයසුදුසුකම්ලාභී ව්‍යාපාරික ක්ෂේත්‍ර
දිට්වා ව්‍යවසනයෙන් බලපෑමට ලක් වූ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ මහා පරිමාණ ව්‍යාපාර3% p.aරු. 25 Μnදිට්වා ව්‍යවසනයෙන් සෘජුව බලපෑම් වී ඇති ව්‍යාපාර
ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය ව්‍යාපාර පරිමාණ5%රු. 25 Μnශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඕනෑම ක්ෂුද්‍ර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක ආයෝජන අවශ්‍යතා
කෘෂිකර්මාන්තය හා සම්බන්ධ ව්‍යාපාර4% – 8% p.a.රු. 50 Μnඑළවළු, පළතුරු, පොල් වගා සහ වටිනාකම් දාමය මූල්‍ය යනය සම්බන්ධිත ණය අවශ්‍යතා ඇතුළු කෘෂිකාර්මික ක්‍රියාකාරකම්
ක්ෂුද්‍ර පරිමාණ ව්‍යාපාර3% – 7% p.a.Rs. 3Μnමූල්‍යමය ශාක්‍යතාවයෙන් යුත් කුඩා ව්‍යාපාර සඳහා සියලු ආයෝජන සහ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා

මහජන බැංකුව විසින් ලබාදෙන ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ණය පහසුකම්
මහජන බැංකුව ව්‍යාපාරික අවශ්‍යතා අනුව වැඩිදියුණු සහ ක්ෂේත්‍ර-විශේෂිත ණය පහසුකම් පිරිනමන අතර, දෛනික ව්‍යාපාරික මෙහෙයුම් සඳහා කාරක ප්‍රාග්ධන ණය සහ යන්ත්‍රෝපකරණ, ව්‍යාපාර පුළුල් කිරීම සහ නවීකරණ සඳහා කාලීන ණය, ආනයන/අපනයන/දේශීය වෙළඳාම සඳහා වෙළඳ මූල්‍යන ණය, මුදල් ප්‍රවාහය කළමණාකරණය සම්බන්ධ ගැටලු සඳහා චක්‍රීය ණය පහසුකම් හා අයිරා පහසුකම් මෙන්ම කෘෂිකර්මාන්තය, නිෂ්පාදන ව්‍යාපාර,සංචාරක ව්‍යාපාරය, ඉදිකිරීම් අංශය, යටිතල පහසුකම් සැපයීම හා සේවා සැපයීම ආදී ව්‍යාපාරික ක්ෂේත්‍ර සඳහා විශේෂිත ණය ද ලබාදෙයි.

ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් වෙත ලබාදෙනු ලබන ණය මුදල් වල ප්‍රමාණය, පොළී අනුපාත සහ ආපසු ගෙවීමේ කාලසීමාව අදාළ ව්‍යාපාරයේ ස්වභාවය, ණය ලබාගන්නා අරමුණ සහ ණය ඇගයීම් මත පදනම්ව වෙනස් වන අතර, මෙහිදී දිගු කාලීන ආයෝජනයන් සඳහා වසර ගණනාවක ආපසු ගෙවීමේ කාලසීමාවන් ලබාදෙනු ලැබේ. එසේ ම මෙම ව්‍යාපාරන් වර්ගීකරණය කිරීම සඳහා කර්මාන්ත අමාත්‍යාංශය විසින් හඳුන්වාදී ඇති ක්ෂුද්‍රණි සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නිරිවචනය අදාළ කරගනී.

මහජන බැංකුවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය යෝජනා (බැංකුව විසින් මූල්‍යනය කරනු ලබන):

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සංවර්ධන ණය යෝජනා ක්‍රමය (SMED)
ව්‍යාපාරික සවිය (Business Power)
සූර්ය බල ණය යෝජනා ක්‍රමය (Solar Power Generation Loan Scheme)
හරිත සවිය ණය යෝජනා ක්‍රමය (Green Loan)
People’s Spark ණය යෝජනා ක්‍රමය
ජාතික ණය සුරැකුම් ආයතනය මඟින් ක්‍රියාත්මක වන ණය යෝජනා ක්‍රමය (NCGIL Loan Scheme)
මහජන සවිය ණය යෝජනා ක්‍රමය (People’s Power Loan Scheme)
වනිතා සවිය ණය යෝජනා ක්‍රමය (Vanitha Saviya Loan Scheme)
අස්වැන්න ණය යෝජනා ක්‍රමය (Aswenna Loan Scheme)
ඔඩපණ ණය යෝජනා ක්‍රමය (Pledge Loan Scheme) (බැංකුව විසින් මූල්‍යනය කරනු ලබන අංශය)

ගනුදෙනුකරුවන් මෙවැනි පහසුකම් ලබාගැනීමට කළ යුතු වන්නේ කුමක්ද ?

ගනුදෙනුකරුවන් විසින් මෙම පහසුකම් ලබාගැනීමට ආසන්නතම ශාඛාව වෙත පැමිණිය යුතු වේ. ශාඛා කළමනාකරුවන් සහ ණය නිලධාරීන් විසින් ගනුදෙනුකරුගේ අවශ්‍යතාව ඇගයීමට ලක්කර, සුදුසු පරිදි බැංකු විසින් මූල්‍යනය කරනු ලබන හෝ රජය විසින් මූල්‍යනය කරනු ලබන ණය යෝජනා ක්‍රමයක් නිර්දේශ කිරීම, ණය ලබාගැනිමට සුදුසුකම් ලබන්නේද යන්න සහ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම හා සම්පූර්ණ ණය ක්‍රියාවලිය තුළ සහාය ලබාදීම සිදු කරයි.
මෙම ශාඛා මත පදනම් වූ ප්‍රවේශ ක්‍රමය මඟින් විනිවිදභාවය, හසල මාර්ගෝපදේශනය සහ කාර්යක්ෂම තීරණ ගැනීම සිදුවන බව සහතික කරයි. මහජන බැංකුව දිගු කාලීන ජාතික වගකීමක් ලෙස ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමට මෙන්ම තම මූල්‍ය මූලාශ්‍ර සහ රජය මඟින් මූල්‍යනය කරනු ලබන ව්‍යාපෘති හරහා ස්ථායී මූල්‍ය විසඳුම් ලබා දීමට අඛණ්ඩව කැපවෙයි.

මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරි (සුළු හා මධ්‍ය පරිමාණ, සංවර්ධන හා ක්ෂුද්‍ර මූල්‍ය) වික්‍රම නාරායන මහතා සමඟ සිදුකළ සාකච්ඡාවක් ඇසුරිනි.