hit counter

2026 මාර්තු මස 23 වන සඳුදා

2024 මාර්තු 22, ප.ව. 12:02



උත්සව සමය වෙනුවෙන් ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 9 ක මිල පහළ දැමීමට කටයුතු කර තිබෙන බව වාර්තා වනවා.

ඒ අනුව, රුපියල් 650ක්ව පැවති ලොකු ළුෑණු කිලෝවක මිල රුපියල් 100 කින් අඩුකර ඇති අතර, රතු කව්පි රුපියල් 52කින් සහ සුදු කව්පි කිලෝග්‍රෑමයක් රුපියල් 50 කින් අඩුකර තිබේ.

රුපියල් 670 ක්ව පැවති බාස්මති සහල් කිලෝග්‍රෑමයක් රුපියල් 20කින් අඩුකර ඇති අතර, රතු ළුෑණු කිලෝග්‍රෑමයක් අඩුකර ඇත්තේ රුපියල් 10කින් පමණක් බවයි පැවසෙන්නේ.

මීට අමතරව සුදු සීනි, දුඹුරු සීනි රුපියල් පහකින් අඩුකර තිබෙනවා.

එසේම රුපියල් 600ක්ව පැවති සෝයාමීට් කිලෝග්‍රෑමයක මිල පහත දමා ඇත්තේ රුපියල් 05 කින් පමණි.

ලංකා සතොස ආයතනය සඳහන් කළේ, දිවයින පුරා පිහිටි ලංකා සතොස අලෙවිසැල් ජාලයෙන් එම භාණ්ඩ මිලදී ගත හැකි බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: