2023 සැප්‍තැම්‍බර් 24, ප.ව. 7:31
පාන් ගෙඩියක මිල රුපියල් 100 දක්වා පහත දැමීමට බලාපොරොත්තු වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.
එහි සභාපති එන්. කේ. ජයවර්ධන පැවසුවේ විවිධ බදු වර්ග සහ ඩොලරයේ අගය හේතුවෙන් බේකරි නිෂ්පාදනවල මිල ඉහළ යාම සිදුවී ඇති බවයි.
තම සංගමයේ එකම බලාපොරොත්තුව පාන් ගෙඩියක මිල රුපියල් 100 හෝ ඊට අඩුවෙන් පවත්වාගෙන යාම බව ද ඔහු සඳහන් කළා.
සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය මූලිකත්වයෙන් ඉදිරියේදී රජය සමඟ සාකච්ඡා කර ග්‍රෑම් 450ක පාන් ගෙඩියක් රුපියල් 100ක පමණ මුදලකට ලබාදීමට කටයුතු කරන බව ඔහු සඳහන්.
එමෙන්ම රජය මැදිහත් වන්නේ නම් අනිවාර්යයෙන්ම පාන් ගෙඩියක් රුපියල් 100ක මුදලකට ලබාදීමට සහ බනිස් ගෙඩියක මිල රුපියල් 10ක් හෝ 15ක් වැනි මුදලක් අඩු කිරීමට හැකියාව පවතින බවයි එන්. කේ. ජයවර්ධන මහතා පැවසුවා.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
01-02-26
01-02-26
31-01-26
31-01-26
31-01-26
31-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26
30-01-26