2023 නොවැම්‍බර් 02, ප.ව. 3:01
ඩයස්පෝරාව අරමුණු කොටගෙන “රත්නදීප” සඟරාව නිර්මාණය වී තිබෙනවා.
ඔවුන් මුද්‍රිත මාර්ගයෙන් සහ මාර්ගගත ක්‍රමය ඔස්සේ මෙම සඟරාව බෙදා හැරීමට අරමුණු කරගෙන සිටිනවා.
දැනට මෙම සඟරාව මාර්ගගත ක්‍රමය ඔස්සේ ඕනෑම කෙනෙකුට පරිශිලිනය කළ හැකි වෙනවා.
ඕස්ට්‍රේලියා සහ ඩුබායි යන රටවල් ද්විත්වයට මෙම මුද්‍රිත සඟරාව බෙදා හැර තිබෙනවා.
ලංකාව තුළ මුද්‍රිත සඟරාව බෙදා හැරෙන්නේ සියලුම රාජ්‍ය විශ්ව විද්‍යාල, තෝරා ගත් පෞද්ගලික විශ්ව විද්‍යාල 4කට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225දෙනාටයි.
මිට අමතරව “රත්නදීප” මුද්‍රිත සඟරාව හෝටල් සඳහා ලබා දීමට නියමිතයි.
මෙහි දේශපාලනය, සමාජ කතිකාව, සංස්කෘතිය, කලාව යන ක්ෂේත්‍ර ඇතුලත් වී තිබෙනවා.
ලංකාවේ තෝරා ගත් රාජ්‍ය විශ්වවිද්‍යාල 10ක් සමඟ මේ වන විට වැඩ කටයුතු සිදු කෙරෙමින් පවතින අතර මෙහි වැදගත්ම කරුණ වන්නේ ඔවුන්ට ජාත්‍යන්තර අධ්‍යාපන ආයතන සමඟ පහසුවෙන් සම්බන්ධ වීමට අත්වැලක් වීමයි.
ඊට අමතරව ලංකාවේ ආර්ථික අපහසුතා ඇති, උපකාර අවශ්‍ය ඇති පිරිස් වෙනුවෙන් ලංකාවෙන් පිට සිටින ඔවුන්ට උදව් කළ හැකි පිරිස් හා සම්බන්ධ වීමට එය අත්වැලක් වෙයි.
මෙම සඟරාව ඉදිරියේදී තවත් රටවල් කිහිපයක් වෙත බෙදා හැරීමට නියමිතයි.
මෙම සඟරාව කියවීමට මෙම සබැඳිය ක්ලික් කරන්න – රත්නදීප
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04