2025 ජූලි 15, ප.ව. 8:35
ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL, ශ්‍රී ලංකාවේ ප්‍රථම AI තාක්ෂණික නීති පර්යේෂණ පදනම වන AI Pazz දියත් කිරීම සඳහා Redblocks AI (පුද්.) සමාගම සමග අත්වැල් බැඳගැනීමට පසුගියදා කටයුතු කළේය. ශ්‍රී ලංකාවේ විශාලතම සහ වඩාත්ම යාවත්කාලීන වූ ඩිජිටල් නීති පුස්තකාලය සහිත AI Pazz පදනම පර්යේෂකයන්ට සුවිශාල පහසුවක් වනු ඇති අතර, එමගින් ඔවුන්ට නවීනතම නීති පර්යේෂණ මෙවලම් එකතුවක් භාවිතා කිරීමටද හැකි වනු ඇත. නීති ක්ෂේත්‍රයට වැදගත් වන කරුණු සම්භාරයක් සමගින් AI තාක්ෂණයේ බලය එක්තැන් කරන AI Pazz පදනම නීති ශිෂ්‍යයන්ට, නීතීඥවරුන්ට සහ නීති ක්ෂේත්‍රයේ ආචාර්යවරුන්ට මෙන්ම අධ්‍යාපන ආයතනවලටද මහඟු පිටිවහලක් වනු නිසැකය.
AI Pazz පදනම සැලසුම් කර ඇත්තේ සාම්ප්‍රදායික නීති පර්යේෂණ කටයුතු සම්බන්ධයෙන් දීර්ඝකාලයක පටන් පැවති ගැටලු රැසකට පිළියම් ලැබෙන පරිද්දෙනි. මෙමගින් පර්යේෂකයන්ට අවශ්‍ය ඕනෑම මොහොතක පොදු නීතිය, ව්‍යවස්ථා නීතිය සහ අධිකරණ තීන්දු ඇතුළු දහස් ගණන් නීතිමය ලේඛන ක්ෂණිකව පරිශීලනය කිරීමට හැකියාව ලැබේ.
SLT-MOBITEL මේ වන විට මෙරට ක්ෂේත්‍ර රැසක ඩිජිටල් පරිවර්තනය සඳහා පෙරමුණ ගෙන කටයුතු කරමින් සිටී. එම මෙහෙරෙහිම කොටසක් වන AI Pazz පදනම ඔස්සේ රටේ නීති පර්යේෂකයන්ට නවීනතම පර්යේෂණ මෙවලම් භාවිතා කිරීමට අවස්ථාව උදාකර දීම SLT-MOBITEL හි අරමුණ වී තිබේ. SLT-MOBITEL පාරිභෝගිකයන්ට පිරිනමන විශේෂ දීමනාවක් වශයෙන් ඔවුන් AI Pazz භාවිතා කිරීමේදී 20% ක වට්ටමක් ලබාදීමටද SLT-MOBITEL පියවර ගෙන ඇති අතර, www.aipazz.com. වෙත පිවිසීම මගින් මෙම වට්ටම ලබාගත හැක. එමෙන්ම ඔවුන්ට AI Pazz සේවාවේ මූලික මට්ටම දින 14 ක කාලයක් නොමිලේ පරිශීලනය කිරීමටද අවස්ථාව සලසා දී තිබේ.
AI Pazz පදනම දියත් කිරීම යනු ශ්‍රී ලංකාවේ නීති ක්ෂේත්‍රයේ සුවිශේෂී සන්ධිස්ථානයකි. AI Pazz භාවිතා කිරීම තුළින් වඩාත් පහසුවෙන් මෙන්ම වඩාත් කාර්යක්ෂම හා ඵලදායී ලෙස පර්යේෂණ කටයුතු සිදුකිරීමට නීති පර්යේෂකයන්ට අවස්ථාව හිමි වනු ඇත. මෙය ශ්‍රී ලංකාවේ නීති ශිෂ්‍යයන්ට, වෘත්තිකයන්ට සහ පර්යේෂකයන්ට තම පර්යේෂණ කටයුතු සාර්ථක කරගැනීම සඳහා ලැබෙන මහඟු අත්වැලකි.
ඉදිරියටත් මෙලෙස රටේ විවිධ ක්ෂේත්‍රවල ප්‍රගතියට හේතු වන නවීනතම ඩිජිටල් විසඳුම් හඳුන්වා දීමට SLT-MOBITEL සූදානමින් සිටී.
2025 ජූලි 11, ප.ව. 1:23
2025 ජූලි 11, පෙ.ව. 10:43
2025 ජූලි 07, ප.ව. 2:53
2025 ජූලි 07, ප.ව. 1:51
2025 ජූලි 07, ප.ව. 12:08