hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2022 ජූනි 01, ප.ව. 12:25



එකතු කළ අගය මත බද්ද සියයට 8 සිට සියයට 12 දක්වා ඉහළ දැමීමේ අති විශේෂ ගැසට් නිවේදනය මුදල් අමාත්‍ය ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙනවා.

කඩිනමින් සහ ආසන්න කාලීනව හඳුන්වා දීමට යෝජිත බදු සංශෝධන පිළිබඳව නිවේදනය කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ විදුලි සංදේශ බද්ද සියයට හෙට 11.25 සිට 15% දක්වා වැඩි කිරීමට යෝජනා කරන බවයි.

ලබන ඔක්තෝම්බර් පළවෙනිදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බදු යෝජනා ලෙස පුද්ගල ආදායම් බදු සහනය රුපියල් මිලියන තුනේ සිට රුපියල් මිලියන 1.8 දක්වා අඩු කිරීමට යෝජනා කර තිබෙනවා.

බදු අය කළ හැකි ආදායම මත බදු කාණ්ඩ රුපියල් මිලියන තුනේ සිට රුපියල් මිලියන 1.2 දක්වා අඩු කිරීම සහ එක් එක් බදු කාණ්ඩයට සියයට හතරේ සිට සියය⁣ට 32 දක්වා බදු අනුපාත පැනවීමට ද සේවා නියුක්ති ආදායම මත රඳවා තබා ගැනීමේ බදු අනිවාර්ය කිරීමට ද යෝජනා කර තිබෙනවා.