hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2025 ජූලි 03, ප.ව. 12:24



ටෙක්නෝ 2025 ජාතික ඉංජිනේරු හා තාක්ෂණ ප්‍රදර්ශනයේ සමාරම්භක උළෙල 2025 ජුනි 25 වනදා කොළඹ ගලදාරි හෝටලයේදී උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.

1985 දී ආරම්භ වූ ටෙක්නෝ ප්‍රදර්ශනය, දශක ගණනාවක් තුළ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඉංජිනේරු සහ තාක්ෂණ ප්‍රදර්ශනයක් ලෙස වර්ධනය වී ඇත.

එය ඉංජිනේරුවන්, සිසුන්, පර්යේෂකයන්, ව්‍යාපාරිකයින් සහ පොදු ජනතාවට විවෘත වූ සජීවී වේදිකාවක් වන අතර, අදහස් හුවමාරු කිරීමට සහ තාක්ෂණික දැනුම හුවමාරු කරගැනීමට විවසයකයන් හඳුනාගැනීමට මහඟු උපකාරයක් දක්වයි. 

ශ්‍රී ලංකා ඉන්ජිනේරු ආයතනය (IESL) විසින් වාර්ෂිකව සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය, බහු ඉංජිනේරු ක්ෂේත්‍රයන් තුළින් නවීන තාක්ෂණික විසඳුම් සහ නවෝත්පාදන පෙන්වා දීමට කැපවී ඇත.

මෙම උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ප්‍රවාහන, අධිවේගී මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා ඇමැති සහ පාර්ලිමේන්තුවේ නායක බිමල් රත්නායක මහතා සහභාගි වූහ.

IESL ආයතනයේ සභාපති ඉන්ජිනේරු . ග්‍රැනී ආර්. ජයලත් (Granie R Jayalath) මහතාගේ පිළිගැනීමේ කතාවෙන් උත්සවයේ වැඩකටයුතු ආරම්භ විය.  එයට අමතරව, ටෙක්නෝ 2025 සභාපති සහ IESL නාමයෝජිත සභාපති ඉංජිනේරු  කෝසල කම්බුරාදෙනිය (Kosala Kamburadeniya) මහතා විසින් මෙම වසරේ ප්‍රදර්ශනයේ දැක්ම සහ අරමුණු පැහැදිළි කලේය.

මෙම උත්සවයේ ප්‍රධාන අවස්ථාව වුයේ ටෙක්නෝ 2025 නිල වශයෙන් ආරම්භ කිරීමය. Techno 2025 ප්‍රදර්ශනය 2025 ඔක්තෝම්බර් 10, 11 සහ 12 යන දිනයන්හිදී කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ (BMICH) දී පැවැත්වේ.