2024 අප්‍රේල් 18, පෙ.ව. 9:48
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ තක්කාලි කිලෝවක තොග මිල ඊයේ (17) දිනයේදී රුපියල් 15 ක් දක්වා පහත වැටී තිබුණි.
එමෙන්ම, බෝංචි කිලෝවක තොග මිල රුපියල් 40ක් දක්වාද, රාබු කිලෝවක තොග මිල රුපියල් 35ක් දක්වාද, කැකිරි සහ පිපිඤ්ඤා කිලෝවක තොග මිල රුපියල් 20ක් දක්වාද, වැටකොළු කිලෝවක තොග මිල රුපියල් 40 ක් දක්වාද, බණ්ඩක්කා, මෑකරල්, පොළොස් සහ පතෝල කිලෝවක තොග මිල රුපියල් 50ක් දක්වාද පහත වැටී තිබුණි.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොවීන් එළවළු රැගෙන පැමිණියද, එළවළු මිලදී ගැනීමට වෙළෙඳුන් නොපැමිණීම නිසා මෙලෙස මිල ගණන් විශාල ලෙස අඩුවී තිබෙනවා.
දඹුල්ලේ තක්කාලි කිලෝවක් රුපියල් 15ක් දක්වා පහත බැස තිබුණද, පිටකොටුව එළවළු වෙළෙඳපොළේ ඊයේ (17 වැනිදා) දිනයේදී තක්කාලි කිලෝවක් අලෙවි කෙරුණේ රුපියල් 100ත් 150ත් අතර සිල්ලර මිලකටය.
පිටකොටුව එළවළු වෙළෙඳපොළේ බෝංචි කිලෝවක් රුපියල් 120 කටද, කැරට් කිලෝවක් රුපියල් 300 කටද, බණ්ඩක්කා කිලෝවක් රුපියල් 100 කටද, බටු කිලෝවක් රුපියල් 180 කටද අලෙවි කෙරුණි. කෙසේ නමුත්, පිටකොටුව සිල්ලර වෙළෙඳපොළේද ඊයේ දිනයේදී එළවළු සඳහා පැවතියේ අඩු ඉල්ලුමකි.
2026 පෙබරවාරි 03, පෙ.ව. 11:38
2026 පෙබරවාරි 02, ප.ව. 4:01
2026 පෙබරවාරි 02, ප.ව. 1:26
2026 ජනවාරි 30, ප.ව. 4:41
2026 ජනවාරි 30, ප.ව. 2:04
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
04-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
03-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26
02-02-26