hit counter

2026 මාර්තු මස 14 වන සෙනසුරාදා

2023 ජූනි 14, පෙ.ව. 7:30



සිය ඉලෙක්ට්‍රික් වාහනවල තවදුරටත් දියුණු කිරීමට ටොයෝටා සමාගම පියවර ගෙන තිබෙනවා.

එමගින් ඔවුන්ගේ ඉලෙක්ට්‍රික් වාහනවල නිෂ්පාදන වියදම අඩු කිරීමටත් ක්‍රියාකාරීත්වය තවදුරටත් දියුණු කිරීමටත් අපේක්ෂා කරන බව ටොයෝටා සමාගම සඳහන් කරනවා.

එම වාහන සඳහා වැඩිදියුණු කළ බැටරි හඳුන්වා දීමටද අපේක්ෂා කෙරෙනවා.

මේ වනවිට ඉලෙක්ට්‍රික් වාහන සඳහා ලොව දැඩි තරගයක් ඇති අතර ටොයෝටා සමාගම උත්සාහ දරන්නේ එම තරගයට එක්වීමට බව විචාරකයින් පෙන්වා දෙනවා.
  
ලොව විද්‍යුත් වාහන වෙළෙඳපොළේ ඉදිරියෙන්ම සිටින්නේ ටෙස්ලා සමාගමයි.