hit counter

2025 අගෝස්‍තු මස 10 වන ඉරිදා

2025 අගෝස්‍තු 07, ප.ව. 7:15



කැළණිය විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන ආචාර්ය උපාධි වැඩසටහනේ 10 වැනි කණ්ඩායමේ සමාරම්භක උත්සවය 2025 අගෝස්තු 6 වැනි දින කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ දී පැවැත්විණි. මෙම උපාධි වැඩසටහන 2016 වසරේදි වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨය විසින් ආරම්භ කළ අතර, මෙම වසරේදි එහි අභිමානවත් දස වන සංවත්සරය සැමරීම විශේෂත්වයකි.

මෙය දේශීය සහ ජාත්‍යන්තර වශයෙන් ඉහළ ගුණාත්මකභාවයකින් හා පර්යේෂණ-කේන්ද්‍රීය උපාධියක් ලෙස පිළිගනු ලැබේ. ශ්‍රී ලංකාවේ සුදුසුකම් පිළිබඳ දර්ශකයේ :ීඛ්ත්‍*12 වැනි මට්ටමේ ස්ථානගතව ඇති මෙම උපාධිය, මෙරට ඉහළ අධ්‍යාපනික හා වෘත්තිය සුදුසුකමක් ලෙස පිළිගැනේ. ජ්‍යෙෂ්ඨ වෘත්තිකයන් සඳහා නිර්මාණය කර ඇති මෙම උපාධිය, අධ්‍යයනික දැනුම හා ආයතනික පිළිවෙත් ඒකාබද්ධ කිරීම, බලපෑම් සහගත පර්යේෂණ උත්පාදනය කිරීම, ව්‍යාපාරික නායකත්වය සහ උපායමාර්ගික සංවර්ධනයට අර්ථවත් ලෙස දායකත්වය ලබාදෙයි.

මෙම සමාරම්භක උත්සවයට ජ්‍යෙෂ්ඨ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්, අධ්‍යයන කාර්ය මණ්ඩලය, ව්‍යාපාර හා රාජ්‍ය අංශයේ කීර්තිමත් වෘත්තිකයන් මෙන්ම නව කණ්ඩායමේ අපේක්ෂකයින් ඇතු`ඵ විශාල පිරිසක් සහභාගි වූහ.

එහිදි මෙම වැඩසටහන හඳුන්වාදීම සහ පැහැදිලි කිරීම ද සිදුකෙරිණි. අධ්‍යාපනික ප්‍රතිඵල සහ අධ්‍යයනික අරමුණු පිළිබඳ හැඳින්වීම් මෙයට ඇතුළත් වූ අතර, සහභාගිවන්නන්ට ෘඊ් හි සමීක්ෂණ කේන්ද්‍රීය ප්‍රවේශය පිළිබඳ හඳුන්වා දෙන ලදි. ඒ තුළින් සැබෑ දැක්ම මත පදනම්ව ගැටලු විසඳීම, සාක්ෂි-පදනම් කළ විමර්ශනය හා උපායමාර්ගික චින්තනය කෙරෙහි අවධානය යොමු කෙරේ. මෙම වැඩසටහනේ විෂයමාලාව තුළ විශ්ලේෂණාත්මක, විවේචනාත්මක හා පරාවර්තනමය හැකියාවන් ඉස්මතු කිරීමට සැලසුම් කර ඇති අතර, සංකීර්ණ ව්‍යාපාරික පරිසරයන්හි ඉහළ මට්ටමේ තීරණ ගැනීම සඳහා අවශ්‍ය දැනුම අපේක්ෂකයන්ට ලබා දෙයි.

කැළණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය මෙහි ප්‍රධාන ආරාධිතයා වූ අතර, මේ අවස්ථාවට විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන් හා ආයතනික වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් කීර්තිමත් පිරිසක් සහභාගි විය. මෙහි පිළිගැනිමේ කතාව වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ පීඨාධිපති, මහාචාර්ය බණ්ඩාර වන්නිනායක මහතා සිදුකළ අතර, ඔහු විසින් ෘඊ් වැඩසටහනේ ආරම්භයේ සිට වර්ධනය හා පරිණාමය පිළිබඳව පැමිණ සිටි පිරිස දැනුම්වත් කරන ලදි. එමෙන්ම ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික නායකත්වය හැඩගැස්වීමේ දී එහි භූමිකාව හා අධ්‍යයනික-කර්මාන්ත සහයෝගිතාව ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව අදහස් දක්වමින්, සමකාලීන ව්‍යාපාරික හා ආර්ථික අභියෝගවලට මුහුණදෙන ආකාරය පිළිබඳ නව කණ්ඩායම දැනුවත් කරන ලදි.

ශ්‍රී ලංකාවේ ඹභෘඡ හි ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ ආචාර්ය වගීෂා ගුණසේකර මහත්මිය විසින් ප්‍රධාන දේශනය සිදුකළ අතර, ආර්ථිකයන්ට ඔරොත්තු දෙන ලෙස හැඩගැසිමේදි පර්යේෂණ හා ප්‍රතිපත්තිවල භූමිකාව ගැන කරුණු පැහැදිලි කළාය. එමෙන්ම රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි සැබෑ තත්ත්වය මත පදනම්ව තීරණ ගැනීමට සහාය වන අන්තර්විෂය පර්යේෂණවල යෙදෙන ලෙස නව කණ්ඩායම දැනුවත් කෙරිණි.

මෙහිදි අලුතින් බඳවා ගත් කණ්ඩායමට විවිධ කර්මාන්ත, අංශ හා නායකත්ව පසුබිම්වලින් යුත් සහභාගිවන්නන් ඇතුළත් විය. මෙම විවිධත්වය තුළින් අධ්‍යාපන අත්දැකීම් වල ගුණාත්මකභාවය වැඩි දියුණු වනු ඇති අතර, ඒ තුළින් දැනුම් හුවමාරුව හා බුද්ධිය ඉස්මතු වනු ඇත. නව අපේක්ෂකයන්ට පීඨ කාර්ය මණ්ඩලය, සෙසු සහභාගිවන්නන් හා කර්මාන්ත පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ වීමට අවස්ථාව සලසමින් මෙදින වැඩසටහන අවසන් වූයේ සලසමින් අධ්‍යයන හා දිගුකාලීන වෘත්තීය සබඳතා සඳහා පදනම නිර්මාණය කරමිනි. නව කණ්ඩායම මෙලෙස අධ්‍යාපනය ආරම්භ කරන අවස්ථාවේදි, කැලණිය විශ්වවිද්‍යාලය ව්‍යාපාරික පර්යේෂණ දියුණු කිරීම, නායකත්ව පෝෂණය කිරීම, අධ්‍යාපනය තුළින් ජාතික හා ගෝලීය සංවර්ධනයට දායක වීම සඳහා වන කැපවීම ශක්තිමත්ව ඉදිරියටත් රැගෙන යන බවද අවධාරණය කෙරිණි.