hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2024 අප්‍රේල් 17, ප.ව. 1:55



ඊයේ (16) දිනයට සාපේක්ෂව අද ශ්‍රී ලංකාවේ ඇතැම් වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙනවා.

සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 293 සිට රු. 292.85 ක් සහ රු. 302.50 සිට රු. 302.35 (පිළිවෙලින්) ක් විය. 

NDB බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 292.15 සිට රු. 294 ක් වන අතර විකුණුම් අනුපාතය ද රු. 303.15 සිට රු. 305ක් විය.

මහජන බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 293.46 සිට රු. 294.93 ක් සහ රු. 303.39 සිට රු. 304.91 (පිළිවෙලින්) ක් විය.

කොමර්ෂල් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 292.98 සිට රු. 294.21 ක් වන අතර විකුණුම් මිල රු. 302.25 සිට රු. 303.50 ක් විය.

සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 294.25 සිට රු. 295.50 ක් සහ රු. 303.25 සිට රු. 304.50, (පිළිවෙලින්)ක් විය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: