2023 ජූනි 09, ප.ව. 12:46
රටේ ජනගහණයෙන් සෑම පස්දෙනෙකුගෙන් එක් අයෙකු පසුගිය වසර 05 තුළ විදේශයෙන් වාහනයක් ගෙන්වා ඇති බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසුවා.
අද (09) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.
ඔහු පැවසුවේ මින් 75%ක්ම බැංකු ණය මත ලබාගත් වාහන බවයි.
වාහන ආනයනයේදී බදු ගෙවීම ඩොලර්වලින් ගෙවීමට අදාළ යෝජනාවක් ඇතුළත් කිරීමට ඉදිරියේදී අපේක්ෂා කරන බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවා.
2015 සිට 2020 දක්වා ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද වාහන සංඛ්‍යාව 2,498,714ක්.
2015දී – වාහන 652,446ක්
2016දී වාහන 466,986ක්
2017දී වාහන 448,320ක්
2018දී වාහන 496,282ක්
2019දී වාහන 332,452ක්
2020දී වාහන 102,228ක්
2026 මාර්තු 16, පෙ.ව. 9:15
2026 මාර්තු 14, ප.ව. 3:06
2026 මාර්තු 13, ප.ව. 6:09
2026 මාර්තු 12, ප.ව. 2:27
2026 මාර්තු 12, ප.ව. 12:24