hit counter

2025 ඔක්‍තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා

2025 අගෝස්‍තු 15, ප.ව. 7:23



අනාගත ලෝකයට අඩිතාලම වී අභියෝග මැද ඉදිරියටම යන තාරුණ්‍යයේ ශක්තිය ඉස්මතු කෙරෙන, ජාත්‍යන්තර තරුණ දිනය සමරමින් මහජන බැංකුවේ YES ඉතුරුම් ගිණුමින් හඳුන්වා දී ඇති YES CASH CANIVAL ඔස්සේ රුපියල් මිලියන 4.5කට අධික තිළිණ හිමිකරගැනීමට දැන් අවස්ථාව උදාවී ඇත.

මෙම වැඩසටහන 2025 අගෝස්තු 12 වැනි දින සිට සැප්තැම්බර් 30 දක්වා ක්‍රියාත්මක වන අතර, CASH WHEEL MONDAY, SHARE & WIN සහ GRAND PRIZE යනුවෙන් දිනුම් ඇදීම් තුනකින් සමන්විත වේ.

මෙහි CASH WHEEL MONDAY දිනුම් ඇදීමට ඇතුළත් වීමට අදාළ කාලය තුළ දැනට පවත්නා හෝ අලුතින් විවෘත කළ YES ගිණුමක රු.25,000/-ක් තැන්පත් කළ යුතු අතර, සෑම සඳුදා දිනයකම සිදුකරන දිනුම් ඇදීමෙන් රු.25,000/-ක් හිමිවන Prime Winner බවට ඔබට පත්විය හැක. අනතුරුව ඔබේ සමීපතම මිතුරන් හතර දෙනෙක් නම් කර, ඔවුන් නමින් දැනට පවතින හෝ අලුතින් විවෘත කළ YES ගිණුමක රු.25,000/-ක නව මුදල් තැන්පතුවක් 2026 ජනවාරි 01 දක්වා පවත්වා ගෙන ගොස් රු.10,000/-ක් දිනාගත හැකි අතර, පස් දෙනෙකුගෙන් යුත් එක් කණ්ඩායමකට දිනාගත හැකි මුදල රු.65,000කි. එවැනි කණ්ඩායම් 35කට දිනුම් ඇදීමේ කාල සීමාව තුළ රුපියල් මිලියන දෙකකට අධික මුදලක් දිනාගැනීමට අවස්ථාව හිමිවේ.

මෙම වැඩසටහනේ SHARE & WIN දිනුම් ඇදීම සඳහා ඇතුළත් වීමට පළමුවෙන්ම ඔබ සිදුකළ යුත්තේ මහජන බැංකුවේ Facebook පිටුවේ Upload කර ඇති YES CASH CANIVAL ගැන සඳහන් කර ඇති Post එක ඔබේ Facebook Timeline (Profile) එකේ #yescashcarnival Hashtag එක යටතේ Share කිරීමයි. අනතුරුව එහි Screenshot එකක් ගෙන, https://www.peoplesbank.lk/yes-cash-carnival/ යන URL එකට ගොස් Submit කළ යුතුය. මේ තුළින් දින 5කට වරක් තෝරගනු ලබන ජයග්‍රාහකයින් 10 දෙනෙකුට රුපියල් 10,000/- බැගින් රු. 100,000/- ක ක්ෂණික මුදල් තෑගි පිරිනැමේ.

මෙහි GRAND PRIZE සුපිරි දිනුම් ඇදීමෙන් රු. මිලියන 2.5ක මුදල් තිළිණ පිරිනැමේ. ඒ අනුව 2025 අගෝස්තු 12 වැනි දින සිට සැප්තැම්බර් 30 දක්වා කාලය තුළ YES ගිණුමේ රු.50,000/-ක් හෝ ඊට වැඩි මුදලක් තැන්පත් කර, 2026 ජනවාරි 01 වැනි දින දක්වා පවත්වා ගෙන යන 25 දෙනෙකුට රු.100,000/- බැගින් රු.මිලියන 2.5ක් දිනාගැනීමට අවස්ථාව හිමිවේ.

තරුණ පරපුර ඉතිරිකිරීම සඳහා යොමුකරමින්, ස්වශක්තියෙන් නැගීසිටීම සඳහා ශ්‍රී ලාංකිය තරුණ පරපුර සවිබලගැන්වීම මෙම වැඩපිළිවෙලේ අරමුණයි. මේ පිළිබඳ වැඩිදුර විස්තර https://www.peoplesbank.lk මහජන බැංකුවේ නිල වෙබ් අඩවියෙන් සහ Facebook පිටුවෙන් ලබාගත හැක. රාජ්‍ය බැංකුවක පූර්ණ ආරක්ෂාව මෙන්ම ආකර්ෂණිය පොලියක් ලබාදෙමින්, ඔබේ මුදලට වැඩි වටිනාකමක් ලබාදෙන YES ඉතුරුම් ගිණුමක් අරඹා මෙම ප්‍රතිලාභ අත්කරගන්නා මෙන් මහජන බැංකුව තරුණ ඔබට ගෞරවයෙන් ආරාධනා කර සිටී.