hit counter

2024 සැප්‍තැම්‍බර් මස 07 වන සෙනසුරාදා

2024 ජූලි 18, ප.ව. 7:12



Sunshine Consumer Lanka සමාගමේ ප්‍රකට හා ප්‍රමුඛතම සන්නාමයක් වන Zesta, ශ්‍රී ලාංකික රසිකයින්ගේ නිර්මාණශීලිත්වය විදහා දක්වමින් ‘My Zesta Story’ තරගය සඳහා වෙළෙඳ දැන්වීම් සංකල්ප නිර්මාණය කිරීමට සියලු ශ්‍රී ලාංකිකයින්ට ආරාධනා කරයි. ඊට එක්වන ශ්‍රී ලාංකීය රසිකයින්ට, වීඩියෝ, ශ්‍රව්‍ය, තිර පිටපත්, සහ සජීවිකරණ ආකෘතීන්ට අනුව කළ වෙ‌ළෙඳ දැන්වීම් සංකල්ප ඉදිරිපත් කිරීම සඳහා දිරිමත් කරමින් ඒ සම්බන්ධ ප්‍රචාරණ වැඩසටහන  Zesta විසින් දියත් කර තිබේ. තරගයේ හොඳම වෙළෙඳ දැන්වීම් සංකල්පය ඉදිරිපත් කරන ජයග්‍රාහකයා රුපියල් මිලියනයක සුවිශාල ත්‍යාගයකට හිමිකම් කියන අතර, රු. 250,000 බැගින් වන සැනසිලි ත්‍යාග හතරක්ද ජයග්‍රාහකයින් හතර දෙනකු සඳහා පිරිනැමේ. එපමණක් නොව, තරගයේ ජයග්‍රාහී නිර්මාණ සංකල්පය, රූපවාහිනී වෙළෙඳ දැන්වීමක් ලෙසින් නිර්මාණය කර විකාශය කිරීමටද නියමිතය. 

‘My Zesta Story’ ප්‍රචාරණ වැඩසටහන පිළිබඳව Sunshine Consumer Lanka සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අනුරුද්ධ අලුවිහාරේ මහතා මෙලෙසින් අදහස් දැක්විය. “‘My Zesta Story’ ව්‍යාපෘතිය කියන්නේ, ශ්‍රී ලාංකිකයන් වෙත Zesta ගෙනෙන තේ කලාව පිළිබඳව සන්නිවේදනය කිරීමට අප දරන නිර්භීත ප්‍රයත්නයන් පිළිබඳව තවත් සාක්ෂියක්. අපගේ හිතවත් පාරිභෝගිකයින්ට ඔවුන්ගේ නිර්මාණාත්මක අදහස් එළිදැක්වීමට හැකියාව සැලසීම ගැනත්, අපගේ අඛණ්ඩ උරුමය සමගින් එක් වීමට ඔවුන්ට ආරාධනා කිරීමට හැකිවීම ගැනත් අපි සතුටු වෙනවා. මෙම ප්‍රචාරණය වැඩසටහන, සන්නාමය සතු පොහොසත් උරුමයට ගරු කරමින්, ශ්‍රී ලාංකික තේ රසිකයින්ගේ කැමැත්ත හා පරිකල්පන හැකියාවන් තුළින් ඔවුන් වඩාත් සතුටුදායක අනාගතයක් වෙත යොමු කරන පියවරක්.”

මෙරට තේ ක්ෂේත්‍රයට Zesta හි ආගමනය සිදු වූ දා පටන්ම, සමාගම නොසැලෙන කැපවීමෙන් යුතුව කටයුතු කරනු ලැබුවේ නවෝත්පාදන මූලධර්මයන්ට අනුව, ශ්‍රී ලාංකීය තේ වෙළෙඳ පොළට ජාත්‍යන්තර මට්ටමේ ගුණාත්මක තේ සැපයීම සඳහායි. 1998 වසරේ ශ්‍රී ලංකාවේ තේ වෙළෙඳ පොළට වෙනසක් සමගින් එක් වුණු Zesta, උසස්ම තේ ජාත්‍යන්තර වෙළෙඳ පොළට පමණක් ‌වෙන් කළ යුතු බවට වන මතය අභියෝගයට ලක් කළ සන්නාමයකි. ඒ අනුව, මෙරට වෙළෙඳ පොළට 100% ක්ම ගුණාත්මක බවෙන් පිරිපුන් Broken Orange Pekoe Fannings (BOPF) නම්

සුවිශේෂී මිශ්‍රණය හඳුන්වා දීමටද එමගින් පියවර ගන්නා ලදී. එලෙසින් හොඳම තත්ත්වයේ තේ මෙරට පාරිභෝගිකයින් වෙත ලබාදීම සඳහා වූ දූරදර්ශී සන්නාම පොරෙන්දුව, මේ වන විට දිවයින පුරාම නිවෙස්වල ආදරණීයම තේ සන්නාමය බවට Zesta පත්වීමට මග පාදා තිබේ. ඒ සඳහා ඉකුත් කාලය පුරාම තේ ක්ෂේත්‍රයේ යල්පැන ගිය සම්මුතීන්වලින් මිදී නිර්භය සන්නිවේදන ප්‍රයත්නයන් අනුගමනය කිරීමට Zesta කටයුතු කරනු ලැබීය. 

අදටත් බොහෝ ශ්‍රී ලාංකිකයින්ගේ හදවත් තුළ නින්නාද දෙන Zesta මුල්ම රූපවාහිනී වෙළෙඳ දැන්වීම, කෙළිලොල් ආදරය හා මනබඳිනා කතාන්දර කලාව එක් කරමින් තැනූ, සැම කල්හිම වලංගු වෙළෙඳ දැන්වීමකි. එම ආදරණීය වෙළෙඳ දැන්වීම, ශ්‍රී ලාංකිකයින්ගේ පරිකල්පනය පුබුදු කරන්නක් වූ අතර, හදවත් ආකර්ෂණය කර ගැනීමට හා ප්‍රබෝධමත් කිරීම සඳහා Zesta සතු අසමසම හැකියාව නිසාම එය ‘ආදරණීයම’ සන්නාමය ලෙසින් එමගින් චිත්‍රණය කෙරිණි. වෙළෙඳ දැන්වීමේ සෑම දර්ශනයක් පාසාම හා සෑම කතා අංගයක් පාසාම, Zesta හුදෙක් තේ සන්නාමයක් පමණක් නොව, ශ්‍රී ලාංකීය සංස්කෘතියෙහි වටිනාම අංගයක් බව විදහා දක්වමින් තේ ලෝලීන් අතීතකාමයෙන් මුසපත් කරනු ලැබිණි.

ශ්‍රී ලාංකිය තේ කලාවේ පොහොසත් උරුමය මතින්, මෙවැනි ප්‍රචාරණ වැඩසටහනක් දියත් කිරීමට ලැබීම සාඩම්බර අවස්ථාවක් බව, Sunshine Consumer Lanka සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී කවි රාජපක්ෂ මහත්මිය පැවසීය. “අපි ‘My Zesta Story’ ව්‍යාපාරය දියත් කරන්නේ, Zesta හි ගුණාත්මකභාවයේ හා නව්‍යකරණයේ පොහොසත් උරුමය මතයි. මෙම තරගය මගින් අපගේ උරුමය පිළිබඳ සාඩම්බරයෙන් සැමරීමට අවස්ථාව සලසන අතරම, සන්නාමයේ අනාගත කොටස්කරුවන් වීමට අපගේ හිතවත් පාරිභෝගිකයින් සවිබල ගන්වනු ලබනවා. ශ්‍රී ලාංකිකයින්ට තම නිර්මාණාත්මක අදහස් එළිදැක්වීමට ආරාධනා කිරීම මගින්, මෙරට ජනහදවත් නතු කර ගනිමින් ඔවුන්‌ගේ පරිකල්පනය දල්වන ආදරණීයම සන්නාමය ලෙසින් Zesta අත්පත් කරගෙන තිබෙන ආදරණීය ස්ථානය තවත් ශක්තිමත් කිරීම අපගේ අප‌ේක්ෂාවයි. මේ තරගය සඳහා ඇදහිය නොහැකි නව වෙළෙඳ දැන්වීම් සංකල්ප ඉදිරිපත් වනු දැකීම අපට සතුට දනවන කාරණයක්. ඒ අතරෙන් ජයග්‍රාහී සංකල්පය වෙළෙඳ දැන්වීමක් ලෙසින් යථාර්ථවත් කිරීමත් අපේ බලාපොරොත්තුවක් ”

තරගය සඳහා වෙළෙඳ දැන්වීම් සංකල්ප, ඒ සඳහාම වන www.myzestastory.com වෙබ් අඩවියෙන් හෝ 070 274 0833 අංකය ඔස්සේ WhatsApp මගින් යොමුකළ හැකියි. නිර්මාණ විනිශ්චය, වෙළෙඳ දැන්වීම් හා සංගීත ක්ෂේත්‍රයේ පළපුරුදු විද්වත් මණ්ඩලයක් මගින් සිදුකෙරේ.  

Sunshine Consumer Lanka පිළිබඳව

25 වසරකට ඉහතදී ශ්‍රී ලාංකික තේ ක්ෂේත්‍රයට කුඩා ආරම්භයකින් සපැමිණි Sunshine Holdings PLC හි වේගවත් අලෙවියක් සහිත ලාභදායි නිෂ්පාදන ඇතුළත් කන්සියුමර් අංශය, වෙළෙඳ පොළ ප්‍රමුඛයින් ලෙස වර්ධනය වී තිබේ. රටේ සුවිශාලතම සන්නාමගත තේ සමාගමෙන්ද සමන්විතව, රසකැවිලි කාණ්ඩයේ උප කාණ්ඩයෙහි වෙළෙඳ පොළ ප්‍රමුඛයින් ලෙස එම අංශය වාර්ෂිකව රු. බිලියන 19 ක පිරිවැටුමක් උපයයි. එහි Zesta, වටවල හා රන් කහට යන සන්නාම ත්‍රිත්වය වෙළෙඳ පොළේ ඉහළම අලෙවියක් සහිත තේ සන්නාම වෙයි. ඒ හැරුණු විට, ඩේන්ටී සමාගම හරහා ඩේන්ටී (ටොෆී හා චොකෝස්), මයිලේඩි (ටොෆී), එක්ස්ට්‍රා (ලොසින්ජර හා බබල්ගම්) ආදිය සමගින් නිෂ්පාදන 75 කට අධික ප්‍රමාණයක් මෙරට වඩාත් ජනප්‍රිය රසකැවිලි සන්නාම ලෙසින් වෙළෙඳ පොළට නිකුත් වේ. එම නිෂ්පාදන සමගින්, ශ්‍රී ලංකාවේ රසකැවිලි වෙළෙඳ පොළෙන් 90% කට වඩා අත්පත් කරගැනීමට එම අංශය සමත් වී තිබේ. 

Photo Caption – ඡායාරූපයේ වම් පස සිට දකුණු දෙසට පෙනී සිටින්නේ මෙම මාධ්‍ය හමුව ඇමතූ Zesta ජ්‍යෙෂ්ඨ සන්නාම කළමණාකාරිනි සමාධි තෙන්නකෝන්, Sunshine Consumer Lanka හි ප්‍රධාන විධායක නිළධාරි අනුරුද්ධ අලුවිහාරේ සහ Sunshine Consumer Lanka හි ප්‍රධාන අළෙවි කළමණාකාරිනී කවී රාජපක්ෂ යන මහත්ම මහත්මීන් වේ.