hit counter

2026 ජනවාරි මස 07 වන බදාදා

2023 අගෝස්‍තු 24, ප.ව. 2:04



ලංකා ධීවර සංස්ථාවේ මත්ස්‍ය නිෂ්පාදන online ක්‍රමවේදය හරහා නිවසට ගෙන්වා ගැනීමට හැකි බව ධීවර රාජ්‍ය අමාත්‍යංශය පවසනවා.

ධීවර රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා සඳහන් කළේ, වර්තමාන වෙළෙඳපොළට සරිලන පරිදි යාවත්කාලීන කරමින් ධීවර සංස්ථා මත්ස්‍ය නිෂ්පාදන ආහාර සහ භාණ්ඩ බෙදා හරින සේවා හරහා නිවෙස් වෙත ගෙන්වා ගැනීමට පාරිභෝගිකයන් හට අවකාශය උදාකර දී ඇති බවයි.

ඊයේ (23) නාරාහේන්පිට, ආර්ථික මධ්‍යස්ථාන පරිශ්‍රයේ පිහිටි H18 නම් වූ ධීවර සංස්ථා වෙළෙඳසලක් නවීකරණය කර නැවත විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

ඒ අනුව, පළමු අදියරේදී කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ජනතාවට මෙම පහසුකම සැලසෙනු ඇති.

ධීවර අමාත්‍යංශය සහ ධීවර සංස්ථාව ද විවිධාකාර අභියෝගයන්ට මුහුණ දෙමින් සිටිය ද, දැක්මක් සහිතව ඉදිරියට යාමට උත්සහ දරන බව අමාත්‍යවරයා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: