hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 ඔක්‍තෝබර් 18, පෙ.ව. 7:13



ගාසා තීරයේ අල්-අහ්ලි රෝහලට එල්ල වූ ප්‍රහාරයෙන් අනතුරුව කලින් සැලසුම් කර තිබූ පරිදි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් හමුවීමේ සැලසුම් වෙනස් කිරීමට පලස්තීන නායක මහ්මූඩ් අබ්බාස් හා ජෝර්දාන රජු දෙවන අබ්දුල්ලා තීරණය කර තිබෙනවා.

බයිඩන් අද මැදපෙරදිග කලාපය වෙත පැමිණීමට නියමිතව තිබෙනවා. රෝහලට එල්ල වූ ප්‍රහාරය තමන්ව කම්පාවට පත්කළ බවත් ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ඔහු පවසා තිබුණා.

මෙම ප්‍රහාරය හමාස් රොකට්ටුවක් අත් වැරදීමෙන් රෝහල වෙත එල්ල වීමක් යයි ඊශ්‍රායලය පවසා තිබුණත් අරාබි රටවල් එම ප්‍රකාශය විශ්වාස කරන බවක් පෙනෙන්නට නැහැ. ප්‍රහාරයෙන් අනතුරුව මැදපෙරදිග කලාපයේ රටවල් කිහිපයකම දැවැන්ත උද්ඝෝෂණ වාර්තා වුණා.