2024 ජූලි 26, ප.ව. 1:08
ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳ සිදුකරන ලද සමීක්ෂණ වාර්තාවකින් රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අභිබවා උප ජනාධිපතිණි කමලා හැරිස් ඉදිරියට පැමිණ තිබෙනවා.
නිව් යෝර්ක් ටයිම්ස් සහ සියේනා කොලේජ් මගින් පවත්වන ලද මෙම සමීක්ෂණය අනුව ඡන්දදායකයින් අතර කැමැත්ත අනුව කමලා හැරිස් සියයට 48 ට සියයට 47 ක් ලෙස ට්‍රම්ප් පසුකර ගමන් කර තිබෙනවා.
මීට ස්වල්ප කලකට පෙර ජෝ බයිඩන් ජනාධිපතිවරයා ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂකයා ලෙස සිටියදී ඔහුට වඩා ට්‍රම්ප් සියයට 6 කින් ඉදිරියට පැමිණ සිටියා.
මේ අතර වයස අවුරුදු 45 සහ ඊට අඩු වයස් සීමාවේ හැරිස් ට්‍රම්ප්ට වඩා සියයට 10 ක පරතරයකින් ඉදිරියට පැමිණ තිබෙන බව ද මෙම සමීක්ෂණයෙන් පෙනී යනවා. බයිඩන් හමුවේ ට්‍රම්ප් මෙම වයස් සීමාවේ ඉදිරියෙන් සිටිනු දකින්නට ලැබුණා.
ජූලි 21 වනදා ජෝ බයිඩන් ජනාධිපති සටනින් ඉවත්වන බව පැවසූ අතර ඉන් අනතුරුව ඩිමොක්‍රටික් අපේක්ෂකත්වය කමලා හැරිස් වෙත ලැබේ යයි විශ්වාස කෙරෙනවා.
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:53
2026 සැප්‍තැම්‍බර් 06, ප.ව. 10:34
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 2:18
2026 අගෝස්තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්තු 11, ප.ව. 1:48