2026 නොවැම්‍බර් 04, පෙ.ව. 7:43
මෙම වසර අවසානයේදී ඊශ්‍රායලයට ලබාදෙන යුද ආධාර නවත්වන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළා.
ඔහු පවසන්නේ මේ පිළිබඳව ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමග මාස කිහිපයකට පෙර එකඟතාවයක් ඇතිවූ බවයි.
ඇමරිකාව ඊශ්‍රායලයට වසරකට ඩොලර් බිලියන 4 ක පමණ යුද ආධාර ලබාදෙනවා. නමුත් ඊශ්‍රායලයට තවදුරටත් යුද ආධාර අවශ්‍ය නැතැයි එරට දැනුම් දුන් බවයි ට්‍රම්ප් පවසන්නේ.
කෙසේ වෙතත් මෙම ප්‍රකාශය පිළිබඳ ඊශ්‍රායල මුදල් අමාත්‍යංශ නිලධාරීන් පුදුමයට පත්වූ බව ඊශ්‍රායල මාධ්‍ය වාර්තා කළා.
කලින් තිබුණු එකඟතා අනුව 2028 දක්වා ඇමරිකානු යුද ආධාර ඊශ්‍රායලය වෙත ලැබීමට නියමිතව තිබුණා. එය නොමැති වුවහොත් වසර දෙකක් සඳහා ඊශ්‍රායලය ඩොලර් බිලියන අටක් පමණ සොයාගත යුතු බවත් එය ගෙවන්නට සිදුවන්නේ ඊශ්‍රායල ජනතාවට බවත් මුදල් අමාත්‍යංශ නිලධාරියකු පවසා තිබුණා.
එමෙන්ම නෙතන්යාහු විශ්වාස කළ නොහැකි අයකු බව නැවතත් පෙනී යන්නේ යැයි ද ඔහුව අගමැති ධුරයෙන් ඉවත් කළ යුතු බව ද විපක්ෂයේ ප්‍රධානම දේශපාලකයා වන ගාඩි අයිසන්කොට් පවසා සිටියා.
2026 ඔක්තෝබර් 24, ප.ව. 12:27
2026 ඔක්තෝබර් 19, පෙ.ව. 7:31
2026 ඔක්තෝබර් 10, ප.ව. 12:36
2026 ඔක්තෝබර් 10, පෙ.ව. 10:34
2026 ඔක්තෝබර් 08, ප.ව. 7:15