hit counter

2026 ඔක්‍තෝබර් මස 08 වන බ්‍රහස්පතින්දා

2026 ඔක්‍තෝබර් 08, ප.ව. 7:15



පෙබරවාරි 28 වනදා ඉරානය සමග ගැටුම් ඇරඹුණ පසුව ඉරාන ප්‍රහාර හේතුවෙන් කුවේටයේ බුවරිං කඳවුර (Camp Buehring) අතැර ඇමරිකානු සෙබළුන් ඉවත්ව ගියේ යැයි හෙළිවී තිබෙනවා.

ඇමරිකාවේ මාධ්‍ය ආයතනය වෙත තොරතුරු ලබාදුන් ඇමරිකන් හමුදා සාමාජිකයන් පවසා ඇත්තේ එම කඳවුරට ඉරාන ප්‍රහාර හේතුවෙන් දැඩි හානි සිදුවූ බවයි.

කඳවුරට ඩ්‍රෝන ප්‍රහාර එල්ල වූ අතර ඉරාන F-5 ගුවන් යානා ද ප්‍රහාරයන් සඳහා එක්වූ බව දැනගන්නට තිබෙනවා.

යුද්ධයේ මුල් දිනවල සිදුවූ මෙම ප්‍රහාර මැඩලීමට නොහැකි වූයෙන් කඳවුර ඇතැර දැමූ බවයි වාර්තා වී තිබෙන්නේ.

ඉරාක දේශසීමාවෙන් කිලෝමීටර් 40 ක් පමණ ඇතුලෙහි මෙම කඳවුර පිහිටි අතර එහි සියයක පමණ ඇමරිකානුවන් පිරිසක් රැඳී සිටියේ යැයි පැවසෙනවා.

මේ අතර ගල්ෆ් කලාපය පුරා ඇමරිකන් කඳවුරු වෙත එල්ල වූ ප්‍රහාර පිළිබඳ තවත් තොරතුරු සමහරක් ද අනාවරණය වී තිබුණා. සෞදි අරාබියේ ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුරට එල්ල වූ ප්‍රහාරයකින් බෝයිං E-3 සෙන්ට්‍රි වර්ගයේ ගුවන් යානයක් විනාශ වි ඇති අයුරු දක්වන ඡායාරූපයක් හා කුවේටයේ අරිෆ්ජාන් කඳවුරේ බැරැක්කවලට සිදුවූ හානි දැක්වෙන ඡායාරූපයක් ඒ අතර වනවා.