2026 නොවැම්බර් 10, පෙ.ව. 11:50
ඇමරිකානු යුධ ලේකම් පීට් හෙග්සෙත්ට එරෙහිව එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය වෙත දෝෂාභියෝග යෝජනාවක් ඉදිරිපත්ව තිබෙනවා.
රිපබ්ලිකන් කොන්ග්රස් සභික තෝමස් මැසී විසින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවෙහි වගන්ති අටක් ඇතුලත් වනවා.
පළමු වගන්ති තුනෙන් චෝදනා කෙරෙන්නේ කොන්ග්රස් මණ්ඩල අනුමැතියකින් තොරව ඉරානයට එරෙහිව යුද මෙහෙයුම් පටන් ගැනීම සහ එය පවත්වාගෙන යාම පිළිබඳවයි. සිව්වැනි වගන්තියෙන් සිවිල් වැසියන්ට සිදුවන ජීවිත හානි අවම කරගැනීමට ක්‍රියා නොකිරීම පිළිබඳ චෝදනා නැගෙනවා. පස්වැනි වගන්තියෙන් චෝදනා නගා ඇත්තේ නෛතික ක්‍රමවේදයට පටහැණිව කළ ජීවිත හානි පිළිබඳවයි. වෙනෙසුවේලාවෙන් එන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ බෝට්ටු යැයි පවසමින්, කිසි අයුරකින් ඒ බව තහවුරු කිරීමකින් තොරව බෝට්ටුවලට පහර දී ජීවිත 221 ක් නැති කිරීම එහිදී එල්ලවන චෝදනාවයි.
සයවන වගන්තියෙන් සෙනට් සභික මාර්ක් කෙලීගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට සීමා පැනවීම පිළිබඳ චෝදනා නැගෙනවා. සත්වන වගන්තියෙන් චෝදනා කෙරෙන්නේ ස්වෛරී රාජ්‍යයක රාජ්‍ය නායකයා පැහැර ගැනීම පිළිබඳවයි.
අටවන වගන්තියෙන් කොන්ග්රස් මණ්ඩල අවසරයකින් තොරව යේමනයේ යුද මෙහෙයුම් දියත් කිරීම පිළිබඳ චෝදනා කෙරෙනවා.
මෙම දෝෂාභියෝග යෝජනාව දින කිහිපයක් ඇතුලත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී ඡන්ද විමසීමකට ලක්කෙරෙනු ඇති. එය සම්මත වුවහොත් ඒ පිළිබඳ විමර්ශනයට සෙනට් සභාව වෙත යොමු කෙරෙනවා. සෙනට් සභාවේදී මෙම යෝජනාව සම්මත වීමට තුනෙන් දෙකක බහුතර ඡන්ද ලැබිය යුතුයි.
2026 නොවැම්බර් 10, පෙ.ව. 9:54
2026 නොවැම්බර් 04, පෙ.ව. 11:26
2026 නොවැම්බර් 04, පෙ.ව. 7:43
2026 ඔක්තෝබර් 24, ප.ව. 12:27
2026 ඔක්තෝබර් 19, පෙ.ව. 7:31