2026 ඔක්තෝබර් 24, ප.ව. 12:27
ප්රංශයේ අද දින පැවැත්වීමට නියමිත උද්ඝෝෂණ හේතුවෙන් එරට පොලිසිය සහ අනෙකුත් බලධාරීන් සීරුවෙන් සිටින බව වාර්තා වනවා. පොලිසියේ 70,000 ක් දෙනා උද්ඝෝෂණ පාලනය කිරීම සඳහා සූදානමින් සිටින බවයි වාර්තා වන්නේ.
පසුගිය සති අන්තයේ පැවති උද්ඝෝෂණ අතරතුර නගර කිහිපයකදීම තත්ත්වය පාලනය කරගැනීමට නොහැකි වූ අතර කොල්ලකෑම් සහ ගිනිතැබීම් ද වාර්තා වුණා. එමෙන්ම පැරිසියේ ජනාධිපති මන්දිරය ආසන්නයටම විරෝධතාකරුවන් ගමන් කර තිබුණා.
ජීවන වියදම සහ ශිෂ්ය ඉල්ලීම් පදනම් කරගෙන ක්රියාත්මක වූ මෙම උද්ඝෝෂණවලට බලාපොරොත්තු නොවූ තරම් පිරිස එක්ව සිටීම හේතුවෙන් ඒවා පාලනය අසීරු වී තිබුණා.
පසුගිය සති අන්තයේ උද්ඝෝෂණ අතරතුර දෙදහසකට වැඩි පිරිසක් පොලිස් අත්අඩංගුවට පත්ව තිබුණා.
2026 ඔක්තෝබර් 19, පෙ.ව. 7:31
2026 ඔක්තෝබර් 10, ප.ව. 12:36
2026 ඔක්තෝබර් 10, පෙ.ව. 10:34
2026 ඔක්තෝබර් 08, ප.ව. 7:15
2026 සැප්තැම්බර් 25, ප.ව. 12:45